IS සර්පයා දැන දැන තියාගත්තාට නවසීලන්ත අගමැතිනිට දැඩි විවේචන

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් අනතුරුව පොලිස් වෙඩි පහරින් මිය ගිය ශ්‍රී ලාංකික අන්තවාදියා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට දැනගත් වහාම පෙරළා මෙරටට නෙරපීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් එරට රජයට ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

ඊට හේතු වී ඇත්තේ එම සිද්ධියෙන් අනතුරුව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් විසින් මෙම ප්‍රහාරකයා 2016 වසරේ සිට එරට ආරක්ෂක අංශ වල 24 පැය පුරා දැඩි අධීක්ෂණයට ලක් වූ පුද්ගලයකු බවටත් ඔහු එරට ආරක්ෂාවට තර්ජනයක් බවට දැන සිටි බවටත් කළ ප්‍රකාශයයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම පුද්ගලයා එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අධිකරණයට පවා ඉදිරිපත් කර තිබේ.


ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයිඑස් මතවාදය ඔස්සේ දැඩිව හඹා යමින් මෙම පුද්ගලයා එය සමාජ මාධ්‍ය ඔස්සේ අන්‍යයන්ටද ප්‍රචාරය කිරීම, බටහිර විරෝධී චින්තනය, මීට පෙර අවස්ථා දෙකකදී ද දඩයම් පිහි ලෙස සැලකෙන විශාල තියුණු ආයුධ දෙකක් ළඟ තබා ගැනීම, සහ විනාශකාරී සහ වෛරීසහගත අදහස් ප්‍රචාරය ආදී කරුණු මත ඔහු එරට ආරක්ෂක අංශ විසින් අන්තවාදියකු ලෙස හඳුනා ගැනීමට හේතු වී ඇත.

අත්අඩංගුවට ගෙන රදවා ගැනීමට හැකියාවක් නොමැතිවීම එරට නීති ප්‍රතිපාදන වල තිබූ අවස්ථාවක් නොමැතිකම බවට අගමැතිනිය පහදා දී තිබුණි.

2011 වසරේ දී වසරේ දී නවසීලන්තයේ පදිංචියට ගොස් තිබූ එම ප්‍රහාරකයා තිස් දෙහැවිරිදි අයෙකි.

එවකට ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස හැසිරී ඇති නමුත් 2016 සිට ඔහු දැඩි අන්තරායකර අන්තවාදීයකු ලෙස හැසිරී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


24 පැය පුරා ඔහු අධීක්ෂණයේ සිටියද අද දිනයේ ඔහු නිවසින් පිටවූ පිට වූ මොහොතේ සිට පොලිසිය ඔහු පසුපසින් ගිය ද සාප්පු සංකීර්ණයට ඇතුළු වී එහි තිබූ විශාල පිහියක් ගෙන එකවරම අවට සිටි හය දෙනෙකුට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පොලිස් වෙඩි වෙඩි පහරින් ඔහු මියගොස් තිබිණි.

Exit mobile version