IDH හිටපු ශානි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

ඔහු ජාතික රෝහලේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට භාජනය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ශානි අබේසේකර මහතා අද උදෑසන මුල්ලෙරියාවේ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයෙන් (අයිඩීඑච්) ජාතික රෝහලේ 56 වාට්ටුවට මාරු කරනු ලැබීය.


මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ ඔහු මේ වන විට සුවය ලබා ඇති බව වාර්තා වේ.

ඇන්ජියෝග්‍රෑම් සම්පූර්ණ කිරීමෙන් පසුව ඔහු නැවත IDH වෙත මාරු කළ යුතුද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකට අදාළව සාක්‍ෂි ගොතන ලදැයි කියන චෝදනාව මත ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය (සීසීඩී) විසින් ජූලි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව රිමාන්ඩ් කරනු ලැබූ අතර මහාර බන්ධනාගාරයේ රඳවා තබන ලදී.

නොවැම්බර් මාසයේදී ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවත්, ඔහු පොලොන්නරුවේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට මාරු කළ බවත් වාර්තා විය.

පසුව මුල්ලෙරියාවා හි බෝවන රෝග රෝහල වෙත ඔහු මාරු කරනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර, ශානි අබේසේකර විසින් ගොනු කරන ලද ඇප ඉල්ලීම ගම්පහ මහාධිකරණය දෙසැම්බර් මාසයේදී නිෂ්ප්‍රභ කළේය.

Exit mobile version