“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ ගමන් ගත් ධීවර කාර්මිකයින් 6 දෙනාගෙන් ජිවිතය බේරාගත් එකම ධීවරයා අසාධ්‍ය තත්ත්වයෙන් සිටිය දී ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අද දින (2024 ජුලි 01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාවක් මඟින් 2024 ජුනි මස 30 වන දින මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවරයින් ගොඩබිමට රැගෙන එන අතරතුර එක් ධීවරයෙකු (01) ‘MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට පත්විය.
අසාධ්‍ය තත්වයේ සිටි අනෙක් ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත ඊයේ (30) දින සනධ්යාවේදී දෙවුන්දර සිට නාවික සැතපුම් 170 ක් (කිලෝමීටර් 314 ක පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී භාරගත්තේය,
එම ධීවරයා වෙත විජයබාහු නෞකාවේදී නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම මඟින් හදිසි ප්‍රතිකාර ලබා දෙමින්, අද දින උදෑසන (2024 ජුලි 01) මෙලෙස හම්බන්තොට වරාය වෙත රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.
ඒ සමගම නෞකාව භාරයේ සිටි මිය ගිය ධීවරයාගේ දේහයද ගෙනෙන බව ඊයේ නාවික හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කලේය.. දැනට ධීවර යාත්‍රාවේ සිටින අනෙක් ධිවරයින්ගේ සිරුරු ගොඩබිමට ගෙන ඒමට නියමිතව තිබේ.