අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුමේ දි සිදුවුනේ කුමක් ද?… අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට හෙළි කරයි!

by editor
ජූලි 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව  බන්ධනාගාරය තුළ ඇති වූ බිහිසුණු ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු මියගොස් ඇති අතර, නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තුවාල ලබා ඇති බව අධිකරණ අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

මෙම තත්ත්වය රජය කිසිසේත්ම සැහැල්ලුවට නොගන්නා බව අවධාරණය කළ අමාත්‍යවරයා, සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් නැවත මෙවැනි විනාශයක් සිදු නොවීමට ගත හැකි උපරිම පියවර ගන්නා බව දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ඊයේ (06) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවත්,  එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු  පත් කර ඇති අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක   සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්  සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇති බවත් ඇමතිවරයා පාර්ලිමේන්තුවට දැනුවූයේය.

අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර, තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිත බව කී ඇමතිවරයා  පාර්ලිමේන්තුව අමතමින්   සිදුකළ සම්පූර්ණ විස්තරාත්මක ප්‍රකාශය මෙසේය.

“සිද්ධිය කොයිම අවස්ථාවකවත් සුලුවෙන් තකන්නේ නෑ”

“මේ සිදුවීම අපි කොයිම අවස්ථාවකවත් අවතක්සේරු කරන්නේ නෑ. සුලුවෙන් තකන්නේ නෑ. ඉස්සරවෙලාම වෙච්චි වැරදිවලින් තේරුම් අරන් වැරදි නිවැරදි කරගැනීම සහ විමර්ශන කිරීම තමයි අපේ බලාපොරොත්තුව. බන්ධනාගාර තදබදය වෙනත් කරුණු ද කියලා සොයා බලා නැවත මෙවැනි සිද්ධියක් සිදු නොවීමට වැඩ කටයුතු කිරීම තමයි රජයේ අරමුණ. මේ නිසා ජනාධිපති ලේකම්වරයා විසින් මේ වන විටත් විශේෂ කමිටුවක් පත් කරලා තියනවා. ඒ වගේම ප්‍රිසන් ඩිපාර්ට්මන්ට් එක (බන්ධනාගාර දෙපාර්තමේන්තුව) මඟින් සීඅයිඩී (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව) එකට මේ ගැන පැමිණිලි කරනවා. බන්ධනාගාර නිලධාරීන් වෙනම අභ්‍යන්තර කටයුත්තක් ඇති කරලා විමර්ශන පවත්වනවා.”

මුලින්ම ගැටුම ඇති වූ හැටි

“මෙවැනි තත්ත්වයක් අනෙක් සිරගෙවල්වල ඇති වීම වැලැක්වීම සඳහා වගකීම භාරගෙන උවමනාවෙන් මැදිහත් වීමක් තියනවා. අපිට රැඳවියාගේ ජීවිතයට වෙන වැඩිනාකමකමක් බන්ධනාගාර නිලධාරියාගේ ජීවිතයටත් තියෙනවා. 2026 ජූලි 05 දින පෙරවරු 11ට විතර තමයි මුලින්ම රැඳවියන් අතර ගැටුමක් ඇති වෙන්නේ. ඒක රැඳවියන් සහ කාර්ය මණ්ඩල ගැටුමක් නෙමෙයි. එහිදී 35ක් තුවාල ලබනවා. රැඳවියන් දෙදෙනෙක් මිය යනවා. ඊට අපි මැදිහත් වෙලා සමථ කරනවා. ප්‍රහාරය එන්නේ බන්ධනාගාර නිලධාරීන්ට නෙමෙයි.”

කුඩු සහ පාතාලයේ ගැටුමක්; ආරක්ෂක පද්ධතිය සංවිධානාත්මකව කුඩු කරලා!

“පසුව උදෑසන ඔවුන්ට ආහාර දීලා ඔවුන්ව උසාවි ගෙන යන වැඩ ටික ලෑස්ති කරද්දි ඉතාම ක්ෂණයකින් නැවත මේ දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වෙනවා. මේ ගැටුමේ පසුබිම බලමු. මේ ගැටුම එන්නෙම කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතරයි. ඔබ දන්නවා බන්ධනාගාරය ඇතුලට එන නීති විරෝධී ද්‍රව්‍ය වැලැක්වීමට ඉතා දැඩි නීති රීති භාවිතා කරනවා. මේක නවත්වා ගන්න යම් රැඳවියන් කළමනාකාරිත්වයට තොරතුරු දෙනවා. අන්න එහෙම තොරතුරු දීපු රැඳවියො තමයි මෙහෙම ප්‍රහාරයට ලක් වෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ ගැටුමක් හා මේ තොරතුරු දීම නිසා ඇති වුන තත්ත්වයක් විය හැකියි කියලා. මතක තියා ගන්න මේ සියලුම කරුණු විමර්ශන කමිටුවල වාර්තාවෙන් පස්සේ තහවුරු වෙන්න ඕනෑ. මේ ඉදිරිපත් කරන්නේ මේ මොහොතේ නිශ්ඡිතව තියන තොරතුරු පමණයි. ඉදිරියේ දී පරීක්ෂණ හරහා මේවා වෙනස් විය හැකියි.”

“ඔවුන්ගේ අරමුණ පැහැදිලිවම පෙනෙන්න තිබුණා. ඔවුන් සීසීටීවී කැමරා ටික කඩනවා. බොඩි ස්කෑනර් එකක් කුඩු කරනවා. මේ ප්‍රිසන් එක ඇතුළට මත්ද්‍රව්‍ය සහ අනවසර දේවල් ඇතුළට ඒම වැලැක්වීමේ යාන්ත්‍රණය අඩපණ කරනවා සංවිධානාත්මකව. මේ ගැටුමේ දී ප්‍රහාරයට ලක් වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන්ව බේරන්න තමයි අනෙක් අය එන්නේ. රැඳවියන්ගෙන් පහර කාලා තමයි මේ මිය ගිය නිලධාරීන් මිය යන්නේ. මේ මොහොතේ කියන්න ඕන දිවි හිමියෙන් මේ රැකියාව කළ නිලධාරීන්ට මම ගෞරව කරනවා.”

යකඩ ගේට්ටු කඩාගෙන ආයුධ පැහැරගෙන?

“ඉන් පසු ඔවුන් යකඩ ගේට්ටුව කඩාගෙන කෙටි දුරක ලී දොරක් තියනවා, ඒ ලී දොරට එනවා. එතැනින් එළියට ආවා නම් ඔවුන් විශාල හානියක් වෙන්න තිබුණා. දැනට තියන විදිහට ඔවුන් අතට ආයුධයක් දෙකක් පත් වෙලා තියනවා. ඒක කොහොමද උනේ? ආමරියෙන් ගත්ත ද, බන්ධනාගාර නිලධාරියෙක් අතේ තිබිලා උදුරා ගත්ත ද… මේවා සොයන්න වෙනවා. මේ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ බන්ධනාගාර ආඥා පනතේ ඇති බලතල භාවිතා කරලා ආරක්ෂාවේ අයිතිය සහ තත්ත්වය පාලනය කරන්න වෙඩි තබලා තියනවා. නමුත් මේ සියලු දෙනා මැරිලා තියෙන්නේ වෙඩි තැබීම් නිසා ද, වෙනත් රැඳවියන්ගේ පහර දීම් නිසා ද කියලා තෝරන්න නිශ්ඡිත මොහොතේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙමින් තියනවා. ඒ අනුව අපට කියන්න පුලුවන් මේ අය මොන ආකාරයට ද මියගියේ කියලා.”

සැකකරුවන් 734ක් වෙනත් සිරගෙවල්වලට!

“ඉන් පසුව මේ තත්ත්වය ඇති කරන්න මැදිහත් වෙච්චි කට්ටිය අපි තෝරලා 734 දෙනෙක් වෙනත් බන්ධනාගාරවලට මාරු කර යවා තිබෙනවා. දැන් ඒ වගේම මේ වගේ තත්ත්වය සමනය කරලා තියෙන්නේ. සමහරු අපට චෝදනා කරලා තියනවා වැඩේ ඔඩුදුවලා පුපුරනකම් බලාගෙන හිටියා කියලා. එහෙම උනේ නෑ. මා හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයත් එක්ක කොච්චර වාද විවාද තිබුණත් බන්ධනාගාර ගැන විවේචන ගේනකොට හැමවිටම මම ඒකට නැගිටලා එකඟත් වෙලා ඒ කරුණට පියවරත් කියනවා. අද ඉතාම පැහැදිලිව කියන්නම්, ඉදිරියේ දී විවාදයක් ලැබුණොත් මට හැකිවේවි වැඩිපුර තොරතුරු කියන්න.”

RelatedPosts

9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!

ඇප පිට සිටි චමින්ද විජේසිරි හිරේ යෑම – මහ පාරේ මැරකම් වැපිරූ දේශපාලන මදාවිකම ගැන කතාවක්!

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විපක්ෂයෙන් හදිසි විවාදයක් ඉල්ලයි!

Next Post

මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අද පාර්ලිමේන්තුවේදී පැය 3ක හදිසි විවාදයක්!

Related Posts

පුවත්

9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!

ජූලි 28, 2026
පුවත්

ඇප පිට සිටි චමින්ද විජේසිරි හිරේ යෑම – මහ පාරේ මැරකම් වැපිරූ දේශපාලන මදාවිකම ගැන කතාවක්!

ජූලි 28, 2026
පුවත්

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

ජූලි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!

ජූලි 28, 2026

ඇප පිට සිටි චමින්ද විජේසිරි හිරේ යෑම – මහ පාරේ මැරකම් වැපිරූ දේශපාලන මදාවිකම ගැන කතාවක්!

ජූලි 28, 2026

විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

ජූලි 28, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 9%ක පුනරාවර්තන වියදම් අඩු කර 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා – ගාල්ලේදී ජනපති කියයි!
  • ඇප පිට සිටි චමින්ද විජේසිරි හිරේ යෑම – මහ පාරේ මැරකම් වැපිරූ දේශපාලන මදාවිකම ගැන කතාවක්!
  • විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ අග විනිසුරු මුල් කරගෙන ද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය කෙළින්ම ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු මෙන්න!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.