වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඒ අනුව 9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය 40%ක පමණ වැඩිවීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ඇතුළුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 මූල්‍ය අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

මූල්‍ය විනයක් සහිත රටක්
භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය සහ උන්නතිය උදෙසා යෙදවීම අපේක්ෂාව බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ද සඳහන් කළේය.
ජාත්‍යන්තර වාර්තා තුළ මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ සමාජ දර්ශක පිළිබද ඇගයීම් යහපත් මට්ටමක පවතින බවත්, එක් යුගයක ණය ගෙවා ගත නොහැකි වූ, දූෂණය සහ සමාජ අපරාධ පිරුණු රටක් ලෙස ජාත්‍යන්තරයේ කතා බහට ලක් වු අපේ රට අද ප්රශස්ත ආර්ථිකයක් සහිත සහ දූෂණය අවම වූ රටක් ලෙස ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සහ විශ්‍රාම වයස
රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට නිවසේ සිට සිය සේවා ඉටුකරගත හැකි අන්දමින් රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට, රජය ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙන බවත්, රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත සහ නිපුණතාවක් ඇති වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීමට ද අවධානය යොමුව තිබෙන බවත් ජනාධිතිපතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය අංශය රැකියා පුරවන තැනක් බවට පත් කරමින් රාජ්‍ය දේහය කඩා දැමීම හේතුවෙන් අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රැකියා ඇතිවන එළියේ ආර්ථිකයක් ගොඩනැගීම රජයක වගකීම බවත්, ඒ තුළින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය හැකි බවත් පෙන්වා දුන්නේය.
දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම සහ මාර්ග ව්‍යාපෘති
ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර නගර යනු ගොඩනැගෙන ඒවා මිස ගොඩනැගුණු ඒවා නොවන බවත්, ඒ අනුව විධිමත් සැලැස්මක් යටතේ යුගයේ අවශ්‍යතාව අනුව නගර නිර්මාණය වීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී පළාත් සභා මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ යටතේ භෞතිකව ව්‍යාපෘති 90%ක කටයුතු මේ වන විට අවසන් කර තිබෙන බව සඳහන් කෙරිණි. ආයතන අතර පවතින ගැටුම හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවී තිබීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර එම ගැටලු විසදා ගනිමින් ජාතික සැලැස්මක් අනුව සියලුදෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කළේය.
ග්‍රාමීය මාර්ග සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති 122 ක් අනුමත වී ඇති අතර, ඉන් ව්‍යාපෘති 57 ක වැඩ දැනටමත් අවසන් කර තිබෙන බව අනාවරණය කෙරිණි.
ප්‍රජාශක්ති වැඩසටහන සහ ක්‍රීඩා සංස්කෘතිය
බහුමානීය දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගත් ප්‍රජාශක්ති වැඩසටහන යටතේ නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව, සමාජ පරිසරය, මනව සම්පත් සංවර්ධනය සහ සැපයුම්ජාල ප්‍රවේශය සහ රැකවරණය කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක අතර එහිදී ප්‍රගතිය ද සමාලෝචනය කෙරිණි.
දිස්ත්‍රික්කයේ නිල සෙවන කාර්යාල ඉදි කිරීම සහ පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහා ද විශේෂ ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේදී ක්‍රීඩාපිටි ඉදිකිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ක්‍රීඩාව දෛනික ජන ජීවිතයේ කොටසක් බවට පත් කිරීම සඳහා සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමෙන් මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ගැටලු ගණනාවකට විසදුම් ලැබෙන බවත්, විනයගරුක සහ නිරෝගීමත් අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ක්‍රීඩාව සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සූදානම් බවත් ඒ වෙනුවෙන් වූ ජාතික සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නිවාස සහ Rebuilding Sri Lanka වැඩසටහන
රැඳවුම් නිවාසවලින් නික්ම යන දරුවන්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් 2026 අයවැයෙන් රජය රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති අතර, එම දරුවන් සඳහා නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින් එම ප්‍රතිලාභය ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. නිවසක් ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 10ක් ලබා දීමේ වැඩසටහන ඇතුළු දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස වැඩසටහන්හි ප්‍රගතිය ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.
මෙහිදී Rebuilding Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර දිට්වා ආපදා තත්ත්වය වෙනුවෙන් වෙන් කළ මුදල් මෙම moolya වර්ෂය තුළම වියදම් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
“රටම එකට” ජාතික මෙහෙයුම
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර “රටම එකට” මෙහෙයුම ආරම්භ වූ 2025-10-30 දින සිට මේ දක්වා දිස්ත්‍රික්කය තුළ සිදු කළ වැටලීම් 12608 අනුව විෂ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 119.6ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව අනාවරණය කෙරිණි. දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමේදී සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගාල්ල නගර සංවර්ධන සැලැස්ම සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
ගාල්ල නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර ගාල්ල කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම, ගාල්ල නගරය ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සහ මහමෝදර පරිපාලන කලාපයක් ලෙස සංවර්ධනය කිරීම ඒ යටතේ සිදු කෙරේ.
මීගමුව බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමවන තෙක් එම රැඳවියන් තාවකාලිව මහමෝදර සහ බෝගම්බර කඳවුරුවල තාවකාලිකව රඳවා තැබීමට තීරණය කළද, එය ස්ථීර බන්ධනාගාර බවට පත් කිරීමක් සිදු නොවන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මහමෝදර බන්ධනාගාරය පිළිබඳ තීරණය නැවත සලකා බැලීමට ද මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය ඇතුළු රජයේ ආයතන 18ක් මහමෝදර වෙත ගෙන යාම, ගාල්ල බන්ධනාගාරය බූස්ස ඉදිකිරීම සහ රත්ගම කැළිකසළ ගැටලුව ඇතුළු පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණ ගැටලුවට ලබා දිය හැකි කඩිනම් විසදුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
පානීය ජල ගැටලුවලට විසඳුම්
දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලු පිළිබඳව ද විශේෂ අවධානය යොමු කෙරුණු අතර මහගොඩකන්ද, බද්දේගම ජල ව්‍යාපෘතිය, යෝජිත මාපලගම සහ තවලම නව ප්‍රජා ජල ව්‍යාපෘති ඇතුළු ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස අවධානයට ගැනුණි.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත සමරවීර, ටී.කේ. ජයසුන්දර, නිශාන්ත පෙරේරා, තිලංක යූ. ගමගේ, හසාරා ලියනගේ, චානක මාදුගොඩ, ගාල්ල නගාරාධිපති සුනිල් ගමගේ, ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්ගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පක්ෂ, විපක්ෂ දේශපාලන අධිකාරිය සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් සහ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







