මෝල්ලු සමාජ ආරක්ෂණ බදු සහන එකඟතාව වංචාකරති… කීරි සම්බා කිලෝවක තොග මිලත් පාලන මිලට වඩා රුපියල් 15කින් වැඩියි…

කීරි සම්බා හාල් කිලෝවක සිල්ලර මිල රුපියල් තිහකින් පමණ ඉහළ ගොස් ඇති බව සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදක සංගමයේ සභාපති ඩී.කේ.රංජිත් පවසයි

මෝල් හිමියන් රජයේ පාලන මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කිරීම නිසා එලෙස මිල වැඩී ඇතැයි සංගමය කියයි.

මෙවර මහ කන්නයේ රජය මගින් කීරි සම්බා වී මිලදී ගත්තේ නැත. එසේම පාලන මිලක් පවත්වා නොගැනීමත් නිසා මෝල් හිමියන් වී කිලෝ හැට හතරේ මිටියක් රුපියල් 7000-8000 අතර මිලකට ගොවීන්ගෙන් මිලදී ගත්හ.

මිලදී ගත් වී සහල් කර රජයේ අනුමත කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් පාලන මිල වන රුපියල් 260 ඉක්මවා සහල් මෝල් හිමියන් විසින් කිලෝග්‍රෑමයක තොග රුපියල් 275කට අලෙවි කරන බව වාර්තා වේ.


එසේ මිලදී ගන්නා තොග සිල්ලරට අලෙවි කිරීමේදී රුපියල් 280කට අලෙවි වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සහල් සඳහා පනවා තිබූ සමාජ ආරක්ෂණ බද්ධ වන සියයට 2.5ක ප්‍රමාණය මෝල් හිමියන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කළ අතර එහිදී කිලෝග්‍රෑමයකින් රජයට අහිමිවන රුපියල් හතකට ආසන්න බද්ද ගොවියාට ලබා දෙන බව පැවසුවත් එය කඩ කරමින් රජයේ පාලන මිලටත් වඩා රුපියල් 8ක් අඩුවෙන් වේළන ලද වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමට මෝල් හිමියන් කටයුතු කර තිබේ.

Exit mobile version