පුද්ගලයින් 22 ක් සාර්ථකව නිරෝධායනය වී නිවෙස්වලට යති

දිනසේන රතුගමගේ –

නාවික හමුදාව විසින් මන්නාරම නාච්චිකුඩා නාවික හමුදා කදවුරේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක් වූ තවත් පුද්ගලයින් විසි දෙදෙනෙකු සාර්ථක ලෙස නිරෝධායනයට ලක් වීමෙන් පසුව 18 දා ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියහ.

මෙම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරණ ලද අතර මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් කටයුතු නාවික හමුදාව  කරන ලදි.

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් කර යවනු ලැබුවද තවදුරටත් ඔවුන් විසින් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් මෙහිදී එම පිරිස දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද මේ වන විට මන්නාරම, නච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයෙහිද නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් සියළු දෙනා තම නිවෙස් බලා පිටත්ව ගොස් අවසන්ව ඇත.

 

Exit mobile version