සපුගස්කන්ද යළි සක්‍රීය කරන්න සූදානම්…. ඇමති කියයි!

මාර්තු 20 වැනිදායින් පසුව අක්‍රීය තත්වයේ පවතින  සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවා කටයුතු යළිත් ආරම්භ කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

හෙට බොරතෙල් නැවක් ගොඩබෑමෙන් අනතුරුව ඉදිරි දින 06 තුළ පිරිපහදු කටයුතු ආරම්භ කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

රටේ භූමිතෙල් අවශ්‍යතාවයෙන් සියයට සීයක් සම්පූර්ණ කළ සපුගස්කන්ද පිරිපහදුව අක්‍රීය වීමත් සමග   ඇතිවී තිබෙන භූමිතෙල් හිඟය හේතුවෙන් වතුකරයේ ජනයාත් කොළඹ මහල් නිවාස හා වතු ආශ්‍රීවත ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවත්, ධීවර ප්‍රජාවත්  දැඩි සේ අසරණ වී සිටියහ.

දින පහකට ආසන්න කාලයක් පෝලිම්වල රැඳී සිටි මිනිස්සු ගැන වාර්තා විය.  ගුවන් යානා ඉන්ධන පැහැ ගන්වා භූමිතෙල් ලෙස අලෙවි කිරීමට රජය කටයුතු කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර සපුගස්කන්ද පිරිපහදු සේවකයින් ඊයේ උද්ඝෝෂණයක් පවත්වමින් රටට ප්‍රකාශ කළේ සපුගස්කන්ද බලාගාරය මේ ආකාරයෙන් වසා තැබුවහොත් තාක්ෂණික හා කාර්මික වශයෙන් සිදුවන හානිය බරපතල බවය.

Exit mobile version