නාමල් CID එයි…

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රකාශය ලබා දීම සඳහා ඔහු පැමිණ ඇත්තේ සවස 4 ට පමණය. 

පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගෝල්ෆේස් භූමියේ සාමකාමී විරෝධතා කරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධව මෙම ප්‍රකාශය සටහන් කරගනු ඇත.

මෙම  සාමකාමී  විරෝධතාකරුවන්ට  පහරදීමේ   අපරාධයට      නාමල් රාජපක්ෂ මෙන්ම මහින්ද රාජපක්ෂත් සමාජ චෝදනාවට ලක් වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් නීතිපතිවරයා විසින් විමර්ශනය කර සාක්ෂි ඇතිනම් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළ පුද්ගලයින්  22 අතර නාමල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ සිටියේ නැත.


Exit mobile version