75 වන නිදහස් සමරුවට ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ සැමරුමක්

සිය 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීමට දෙරටේ අවධානය යොමු වී ඇත.

ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පසුගිය 03 වැනි දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි පොදු සංස්කෘතික වටිනාකම් සැමරීම සඳහා මෙම පියවර ගැනේ. බෞද්ධ වන්දනා වැඩසටහන් වැනි සංස්කෘතික හා ආගමික අංගවලින් සමන්විත මෙම සන්ධිස්ථාන සැමරුමේ දී, වඩාත් වැදගත් ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීම මඟින්, දෙරට අතර පවත්නා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත.


රජය විසින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දක්වන ප්‍රමුඛතාව පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සඳහා ඉන්දියානු පෞද්ගලික අංශයට ආරාධනා කළේය. රජයේ එම පියවර අනුමත කරමින්, පුනර්ජනනීය බලශක්ති අංශයේ, විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉන්දියානු ආයෝජකයින් උනන්දු වන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්තිය, ගුවන් සම්බන්ධතාව, අන්‍යෝන්‍ය වෙළඳාම සහ ආයෝජන ව්‍යාපාර පිළිබඳ ඒකාබද්ධ කොමිසම්, ශ්‍රී ලාංකික චිත්‍රපට ඩිජිටල්කරණය සඳහා තාක්‍ෂණික සහයෝගීතාව සහ බිම්ස්ටෙක් සංවිධානයේ කලාපීය සහයෝගීතාව වැනි පුළුල් පරාසයක අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පෙරේදා (03) විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහය වෙනුවෙන් ඉන්දීය රජයට සහ එහි ජනතාවට ස්තූතිය පිරිනැමූ අමාත්‍ය ගුණවර්ධන මහතා, ආර්ථික කටයුතු සඳහා රට විවෘත කිරීම පිළිබඳව ප්‍රශංසා කළේය. මහ කොමසාරිස්වරයා,සම්පූර්ණයෙන් එන්නත් ලබා දී ඇති ඉන්දියානුවන් සඳහා මෙරටට ඇතුළුවීම සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ඉවත් කිරීම පිළිබඳව අගය කරමින්, එසේ සීමා ඉවත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ සමස්ත ආර්ථිකයටම ඉමහත් ප්‍රතිලාභ ලැබෙන බව පැවසීය.

Exit mobile version