අපි සාර්ථකයි… සේවයට ආවෙ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා විතරයි… විදුලි වෘත්තීය සමිති කියයි!

මේ උද්ඝෝෂණයෙන් ආණ්ඩුවට පෙන්නුවෙ අපි වර්ජනයකට ගියොත් රටට වෙන දේ... ඉදිරියේ දී වර්ජනය අනිවාර්යයි!

කීර්ති ප්‍රනාන්දු –

විදුලබල මණ්ඩලයේ අද (03) පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරය බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක වූ බවත් මේ උද්ඝෝෂණයේ මූලික අරමුණක් වූයේ ඉදිරි වැඩවර්ජනක් සඳහා යෑමට ඇති හැකියාව තක්සේරු කිරීම  බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ,  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති රන්ජන් ජයලාල් ලංකසරට පැවසීය.

“අද සේවයට වාර්තා කරලා තිබුනේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා විතරයි. විදුලිබල මණ්ඩලයේ සෙසු පාලන අධිකාරිය අද වැඩවර්ජනයට එක් වුණා.  අපි ඉදිරියේ දී නිසැකවම වැඩ වර්ජනයකට යනවා. 1995 වැඩ වර්ජනය සාර්ථක වුනෙත් පාලන අධිකාරිය වැඩවර්ජනයට එක් වුණු නිසා“ ලේකම්වරයා කීවේය.

විදුලිබල මණ්ඩලයේ විධායක ශ්‍රේණි වර්ජනයට එක් වූ අවස්ථාවක්…

“විදුලිබල මණ්ඩලය ස්ට්‍රයික් කළොත් ස්ට්‍රයික් කරලා පැයක් යනකොට රෝහල් ටික ඉවරයි. මාර්ග සංඥා ඉවරයි. ගුවන් යානා බාන්න බෑ.  ජෙනරේටර දුවයි තෙල් තියනකම්. තෙල් ඉවර වුනාම තෙල් ගහන්නත් විදුලිය ඕන.  වැඩ වර්ජනයක් කළාට පසු රටට ඇතිවන අපහසුතාවය අපට එරෙහිව පාවිච්චි කරන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නෙ නෑ.  අපි ජනතා එකඟතාවය එක්කයි මේ වර්ජනය කරන්නේ.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩ වර්ජනය සඳහා දිනයක් යොදාගෙන ඒ සම්බන්ධව කල් ඇතිව රජයට දැනුම් දී ජනතාව දැනුම්වත් කර වැඩ වර්ජනය ආරම්භ කරන බවත්, ඊට කලින් රජය සමග සාකච්චා කිරීමේ අවශ්‍යතාවයක් මතුවුව ද තමන්ගේ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා නොකරන රජයක් වෘත්තීය සමිති සමග සාකච්ඡා කරනු ඇතැයි විශ්වාස නොකරන බවත් ලේකම්වරයා කීවේය.

 

Exit mobile version