5 ශිෂ්‍යත්ව විභාගයට ඉන්න කොවිඩ් වැළඳුණු දරුවන් සදහා විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක්

මෙවර පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින කොවිඩ් වැළඳුණු දරුවන් සදහා විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක් වෙන්කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය සදහන් කරයි.

මේ අනුව දරුවෙකුට කොවිඩ් ආසාදනය වි තිබෙන්නේ නම් පාසලේ විදුහල්පතිවරයා සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාව දැනුවත් කර නිවස ආසන්නයේ විශේෂ විභාග මධ්‍යස්ථානයක් වෙන්කර ගන්නා ලෙස අධ්‍යක්ෂිකාව දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මීට අමතරව කොවිඩ් රෝගය බව හදුනාගෙන නොමැති එහෙත් ශ්වසන අපහසුතාවන් පවතින දරුවන් සදහා සෑම විභාග මධ්‍යස්ථානයකම වෙනමම ශාලාවක් වෙන්කර ඇතැයි ද ඇය සදහන් කර සිටී.


මීට අමරතව ඉදිරියේදී පැවැත්විමට නියමිත උසස්පෙළ විභාගය සදහා පෙනී සිටින කොවිඩ් වැළදුණ දරුවන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම එක් රෝහලක් වෙන්කිරිමට කටයුතු යොදා ඇතැයිද ඇය අවදාරණය කරයි.

මේ අනුව කොවිඩ් වැලදුණ දරුවන්ට රෝහල තුළ ප්‍රතිකාර ලබමින් විභාගයට පෙනී සිටීමේ හැකියාව පවතින බව වෛද්‍ය චිත්‍රමාලි සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම දරුවන්ගේ විභාග කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ නියෝජිතයින් අධීක්ෂණය කරන බවද ඇය පවසා සිටියි.

Exit mobile version