ස්ටාලින් ඇතුලු 16 දෙනා නිරෝධානයෙන් නිදහස් වේ…

joshep _stalin

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්  ඇතුළු 16 දෙනා අද සවස නිරෝධායනයෙන් මුදවා නිදහස් කර තිබේ. ඔවුන් නිරෝධායනය කර තිබුනේ මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේය.

යුද හමුදාවට අයත් බස් රථවලින් ජෝසප් ස්ටාලින්  ඇතුළු පිරිස අද රාත්‍රීයේම කොළඹට රැගෙන ඒමට නියමිතය.

බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ඉකුත් 8  දා උද්ඝෝෂණයක නිතර වූ ස්ටාලින්   ඇතුළු පිරිස පොලිස් අත්අඩංගුවට පත්විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජොසප් ස්ටාලින් ඇතුළු පිරිස පොලිසිය විසින් නිරෝධයනය සඳහා යොමු කර තිබුණේ ඔවුන්ව  අධිකරණයෙන් ඇපමත මුදාහැරීමෙන් පසුවය.

Exit mobile version