සෙන්ට් ක්ලෙයාර් සක්‍රීය වෙයි… ජලවිදුලි බලාගාර 04ක විදුලිය ජනනය උපරිම ධාරිතාවෙන්…

මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් හා ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (11) පෙරවරුව වන විට විවෘතව තිබූ බව ජලාශය භාර ඉංජිනේරුවරු පැවසූහ.

මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරිමත් සමඟ ඊට පහළින් පිහිටි කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇති බවත් ජලාශ තුනේම වාන් දොරටු විවෘත කර ඇති නිසා කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ද නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් පැවසිය.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන හා සමනල යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවරු පවසති.
අධික වර්ෂාවත් සමඟ මධ්‍යම කඳුකරයේ පිහිටි ඩෙවෝන් හා සෙන්ඩ්ක්ලෙයාර් දිය ඇළ සක්‍රීය වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාඋස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අයුරු

Exit mobile version