පුරාවිද්‍යා කැණීමට බාධා කළ දේශපාලකයන්ට පොලිසි යන්න වෙයි….

දිනසේන රතුගමගේ –

යාපනයේ නිලාවරෙයි ප්‍රදේශයේදි පුරා විද්‍යා නිලධාරීන්ගේ කැණීම් වලට බාධා එල්ල කළ යාපනය වලිකාමම් නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය සභා සභාපතිවරයාට අච්චුවේලී පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඊයේ ( 29 ) දැණුම් දී තිබේ.

සභාපති ත්‍යාගරාජා නිරෝෂ් නැමති අයට අච්චුවේලී පොලීසිය විසින් කැදවීමක් කොට ඇත්තේ පුරා විද්‍යා නිලධාරීන් පිරිසක් විසින් කරණ ලද පැමිණිල්ලකට අනුවය.

යාපනයේ පතුල නොපෙණෙන ළිද ලෙසින් හදුන්වන ළිඳ පිහිටි නිලාවරෙයි ගම්මානයේ පුරා විද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක් ඇති බවට නිලධාරීන් හදුනාගැනීමෙන් පසුව එම ස්ථානයේ කැණිම් කිරීමට ගිය අවස්ථාවේදී විශාල පිරිසක් ඊට බාධා එල්ල කිරීම නිසා කැණීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට  පුරා විද්‍යා නිලධාරීන්ට සිදු වුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම විරෝධය සංවිධානය කිරීම හා මෙයෙයැවීම සිදු කොට ඇත්තේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට යාපනය අච්චුවේලී පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව පොලීසිය ඔහුව කැඳවා තිබේ.

Exit mobile version