22 අවුලක… ද්විත්ව පුරවැසියා රැකගන්න පොහොට්ටුවෝ 22ට එරෙහිව ඡන්දය දෙන්න තීරණය කරති…

pohottuwa

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුන ද ඊට පාර්ලිමේන්තුවේ ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත.

පොහොට්ටුවෙන් මෙම විරෝධය ඇතිවීමට මූලිකම හේතුව වන්නේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාව මෙම සංශෝධනයේ දී ආහෝසි වීම හේතුවෙන් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් විසි වී යෑමය.

මේ අනුව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම දැඩි අර්බුදයකට ලක් වී ඇති බව දේශපාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


22 වැනි සංශෝධනය සම්බන්ධව ඇති වී තිබෙන අවිනිශ්ඡිත තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයින් පසුගිය සතිය පුරාවටම විපක්ෂයේ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සමග සුහදව සාකච්ඡා කරමින් ඒ සම්බන්ධව දැනුම්වත් කිරීම් ව්‍යාපාරයක ද නිරත වූයේය.


 

Exit mobile version