21 ගැන අපි තීන්දුව ගන්නෙ මහජන මතය මත පදනම්වයි… පොහොට්ටුවේ 10 කණ්ඩායම කියයි!

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය  සම්බන්ධව   මන්ත්‍රීවරුන් 10 දෙනාගේ කණ්ඩායම තීන්දුවක් ගනු  ලබන්නේ  මහජන මතය මුල්කරගනිමින් බවත් තමන් නියෝජනය කරමින් පෙනී සිටින්නේ  රටේ සමස්ත මහජන  මතය බවත්   මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසයි.

21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව පොහොට්ටුව තුළ ඇති තිබෙන සංවාදය  පිළිබඳව සාකච්ඡා කිරීමට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සැදුණු මන්ත්‍රීවරුන් දස දෙනාගේ කණ්ඩායම අද සවස රැස් වී තිබිණි.

ඔවුන් මෙසේ මුණගැසෙන්නේ 21ට සහය පල නොකිරීම සඳහා පොහොට්ටු මන්ත්‍රීවරුන්  යම් එකඟතාවයක් ඇති කරගැනීමට කටයුතු කරමින් සිටිය දී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණ මෙම සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ නිසි අධ්‍යයනයකින් අනතුරුව  සිය තීන්දුවක් ගන්නා බවත් නිසැකවම  එය ජනතාවගේ පාර්ශවයේ සිට ගනු ලබන තීන්දුවක් බවත්  ඔහු කීවේය.


Exit mobile version