21න් විසිවෙන්නට පෙර ද්විත්ව පුරවැසියෝ පාර්ලිමේන්තුව හැර යති….

Dhammika Perera is likely to be appointed to replace Basil

21 වැනි සංශෝධනය සම්මත වීමට පෙර බැසිල් රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් දෙදෙනෙක් සිය මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිල් සමග මෙසේ ඉල්ලා අස්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හොබවන පක්ෂ අතර  ආන්දෝලනාත්මක පැනීම් සහිත කාන්තාවක් සහ පසුගිය දිනවල කැබිනට් ඇමති ධුරයක් ලබා ගන්නා බවට ප්‍රකට වුනු  කඳුකරයේ මන්ත්‍රීවරයෙක් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පුද්ගලයින් සිය පාර්ලිමේන්තු නියෝජනයට වඩා සිය ද්විත්ව පුරවැසි භාවය ප්‍රමුඛ කරගත් අය බව දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් වීමෙන් පුරප්පාඩුවන මන්ත්‍රී ධුරයට ප්‍රබල ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කරගැනීමේ සැලසුමක ආණ්ඩුව සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව ධම්මික පෙරේරාගේ සමීපතම ව්‍යාපාරිකයෙකුගෙන්  ලංකාසර කළ විමසුමක දී ඔහු කියා සිටියේ ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු ප්‍රබල ඇමති ධුරයකට පත් කිරීමට නියමිතව ඇතැයි  තොරතුරු ඇති බවය.


Exit mobile version