21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කර ඇත.
හැකි ඉක්මනින් එය පාර්ලිමේන්තුවේ සභාගත කරන බවද ඇමතිවරයා දක්වා තිබේ. අද 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට දිරිපත් වූයේ පස්වන වතාවටය. අවස්ථා 04ක දී එයට අනුමැතිය හිමි වූයේ නැත.
ජනමත විචාරණයකට නොගොස් ව්‍යවාස්ථාව තුළ කරගත හැකි ප්රජාතන්ත්රවාදී නැඹුරුවක් සහිත සංශෝධන මෙම පමණක් මීට ඇතුළත් බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසා තිබිණි.
The 21 amendment was tabled and passed in cabinet today and will be tabled in @ParliamentLK soon. Like to thank @RW_UNP and @wijerajapakshe for pushing it through
— Harin Fernando (@fernandoharin) June 20, 2022