2024 ජූනි 7 වන දින විහාරමහාදේවී උද්‍යානයේ පැවති, 2024 ලෝක දුම්කොළ නිවාරණ දිනය සැමරීමේ ජාතික උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් ADIC ආයතනයට මෙම සම්මානය පිරිනමන ලදී.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත අලකා සිං සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පී.ජී. මහීපාල, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපති වෛද්‍ය ඇලන් ලුඩෝවයික්, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ (NCD) අධ්යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය. මෙම උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය විසින් සංවිධානය කරන ලදී.
මෙම සම්මානය දුම්කොළ නිවාරණය වෙනුවෙන් ඇප කැප වූ සියළු පාර්ශවයන්ට ලැබුණු ඉතා වටිනා ඇගයීමක් ලෙස ADIC ආයතන අවධාරණය කර සිටියි.