20ට ජනමත විචාරණයක් ඉල්ලා සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයකින් එය අනුමත කළ යුතු බවත් ඒ සඳහා තමන් ශ්‍රේෂ්ඨාධිකරණට යන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දමමින් ගෙන එන විසිවන විසිවෙන සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බව සමගි ජනබලවේගයේ ස්ථාවරය වී තිබෙන බවත් එම ස්ථාවරයේම තම පක්ෂය මෙන්ම තවත් පක්ෂ ගණනාවක් සිටින බවත් ඒ මහතා අනාවරණය කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ නලින් බණ්ඩාර මහතා රාජපක්ෂ පවුලේ බලය තහවුරු කර ගැනීම සදහා විසිවෙනි සංශෝධනය සකසා තිබෙන බවට චෝදනා කළේය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මඟින් ජනතා පරමාධිපත්‍ය හා හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කළ බවත් නව විසිවෙනි සංශෝධනය ඒකාධිපතිවාදයට පාර කපා ඇති බවත් පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩුව අත්තනෝමතිකව ගෙන ඒමට සූදානම් වන විසිවෙනි සංශෝධනය ජනතාව බිලිගැනීමට එන යක්ෂයකු මාරයකු ලෙස සලකා ඊට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත ගැනීමට සමගි ජන බලවේගය සැලසුම් කර තිබෙන බව නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version