18 හැවිරිදි බිරිඳට භූමිතෙල් දමා ගිනි තැබූ සැමියා 17 වසරකට පසු පෝරකයට…

Prison

සූරියවැව – නුවන් ජයසේකර 

වසර 17කට පෙර හම්බන්තොටදී සිය 18 හැවිරිදි බිරිද නිවස තුළදී භූමි තෙල් දමා ගිනි තබා ඝාතනය කිරීමේ වරදට වරද කරු වූ 43 හැවිරිදි පස් දරු පියෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල   අද (17) සවස මරණීය දණ්ඩණය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණේ හම්බන්තොට සිරිබෝපුර පදිංචි 43 හැවිරිදි තුවාන් අනුෂ් යූනුෂ් නැමති පස් දරු පියෙකුටය.

චුදිත පවුල් ආරවුලක් මත 2004.04.08 වන දින හම්බන්තොට පිහිටි නිවසේදී රාත්‍රි 9.30ට පමණ එක් දරු මවක වු 18 හැවිරිදි සිය බිරිදගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තබා ඝාතනය කිරීමට තැත්කර තිබේ. එහිදී ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 18 හැවිරිදි කාන්තාව ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහලටත් පසුව මාතර මහ රෝහලටත් ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු තුවාලකාරිය 2004.04.11 වන දින මියගොස් තිබේ. පසුව සිද්ධිය පිළිබදව කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසිය විසින් හම්බන්තොට පොලිසියට සිදුකළ දැනුම් දීමකට අනුව මරණකාරිය විසින් සිදුකරන ලද ප්‍රකාශයට අනුව සිද්ධියට සැක පිට මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ මුලික ප්‍රශ්න කිරීමෙන් අනතුරුව චුදිත හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව චුදිතට එරෙහිව නිතිපතිවරයා විසින් 2005.12.16 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙන ලදි.

එහිදි පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල   චුදිතට මරණීය දණ්ඩණය නියම කෙරුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව චූදිත ශ්‍රි ලංකා ජනාධිපතිවරයා විසින් නියම කරන දිනකදී වේලාවකදී ගෙල සිරකර මරණයට පත්කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරුණි. නීතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගෙවිදු සෙනෙවිරත්න  පැමිණිල්ල මෙහෙයවන ලදි.

Exit mobile version