1704 ප්‍රමිතිය වෙනස් වෙන්නෙ නෑ… කියන පමාවෙන් නව ප්‍රමිති හදන්නට බෑ…   කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්!

දැනට පවතින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පවතින ප්‍රමිති  ඉවත් කිරීම හෝ අලුත් ප්‍රමිතීන් ඇති කිරීම එසේ මෙසේ පහසු කටයුත්තක් නොවන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා  පවසයි.

තමා දන්නා අයුරින් 1704 ප්‍රමිතිය ඉවත් කිරීම හෝ ඊට අදාළව  නව ප්‍රමිතීන් සකස් කිරීම හා සම්බන්ධයෙන් කිසිදු අදහසක් නැති බවද ඔහු කීවේය.

ප්‍රමිතියක් ඉවත් කිරීමට හෝ නව ප්‍රමිතියක් ඇති කිරීමට නම් ක්ෂේත්‍ර ගණනාවක විද්වත් කණ්ඩායම්වල සාමූහික  එකඟතාවය අවශ්‍ය බව ද, අනතුරුව මහජන මත විමසීමේ ක්‍රමවේදයක් ඇති බව ද හෙතෙම කීය.


විශේෂිත පොහොර සඳහා නව ප්‍රමිතීන් සකස් කිරීම යනු, ලොව පවතින සුවිශේෂී වූ පොහොර සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග විනා වක්‍රාකාරව රටට අහිතකරන දෑ ගෙන්වීම සඳහා නීතිය හිඩැසක් ඇති කිරීමක් නොවන බව ද හෙතෙම කීය.

මේ වන විට ලොව පවතින හයිබ්‍රිඩ් වර්ගයේ පොහොර වර්ග නැනෝ පොහොර වර්ග හෝ වෙනත් නවීණ  තාක්ෂණික ක්‍රම උපයෝගීකර තනන ලද පොහොර වර්ග ගෙන්වීම සඳහා රටට නීති පද්ධතියක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ වන විට තොරතුරු රැස් කිරීම් සහ කෘෂි විද්වතුන්ගේ දහස් ගොනු කිරීම් පමණක් සිදුවන බව තමන්ට දැනගන්නට ඇති බවත් කී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීවේය.

එය සියයට සියයක්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතු කටයුත්තක් බවද හෙතෙම පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂිත වූ පොහොර සඳහා ප්‍රමිති සකස් කිරීමට යන බවට පැතිර යන කතාබහට අදාළව මෙම කරුණු දැක්විය හැකි බව ද සැමවිටම ජනතාව සත්‍ය තොරතුරු දැනගත යුතු බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

 

 

Exit mobile version