164ට දුන් ලීටරේ 220 කරයි ! නැප්තාවලින් දුවන කැලණිතිස්ස බලාගාරය නවතී!

Kelanithissa

කැලණිතිස්ස චක්‍රීය සංයුක්ත තාප බලාගාරය ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන නොමැති වීම හේතුවෙන් ක්‍රියා  විරහිත වී ඇති අතර මෙම තත්ත්වයට හේතුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන තොග තිබියදී  බව වාර්තා වේ. ඉතිහාසයේ පළමු වතාවට රට තුළ අවශ්‍ය ඉන්ධන තොග තිබියදී මෙම බලාගාරය ඉන්ධන නොමැතිව නවතා දැම පළමු අවස්ථාව මෙය වන අතර මෙමඟින් මේ වනවිට ජාතික විදුලි පද්ධතියට මෙගවොට් 165ක් අහිමි වී ඇතැයි විදුලි බල ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසන ආකාරයට කැලණිතිස්ස විදුලි බලාගාරය මේ අයුරින් නැප්තා ඉන්ධන අර්බුදයට ලක් වීමට එක් හේතුවක් වන්නේ කලින් රුපියල් 164කට ලබා දුන් නැප්තා ලීටරයක් සඳහා ඛනිජ තෙල් සංස්ථාව හදිසියේම රුපියල් 220ක් අය කිරීමට ගත් තීරණයයි. නැප්තා යනු බොරතෙල් පිරිපහදු ක්‍රියාවලියේ අතුරු ඵලයක් වන අතර එකම මිලක් ගෙනා බොරතෙල් තොගයකින් ලබා ගන්නා නැප්තා හදිසියේ ලීටරයක් රුපියල් 220ක් දක්වා වැඩි කිරීම අත්තනෝමතික ලෙස සංස්ථාව සිදු කර ඇති බවත් මෙම තෙල් ලීටරයක් රුපියල් 80කට තරම් අඩු මුදලකට ලබා දීම හැකිව තිබියදී විශාල ලාබ තීරුවක් රඳවා ගනිමින් මෙලෙස ඉහළ මිලකට ලබා දීමෙන් දැනට ගල් අඟුරුවලටත් වඩා ලාබ දායී  ඉන්ධන ප්‍රභවය වන නැප්තා මඟින් විදුලිය ජනවයට  විශාල මුදලක් වැය වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාව සතුව ලීටර මිලියන 4කට වඩා වැඩි තොගයක් පවතින අතර එය අසාධාරණ ලෙස ඉහළ මුදලකට ලබා දීමට ඛනිජ තේ සංස්ථාව පියවර ගන්නා බවයි.

මේ වනවිට විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ  පවා අඩු පිරිවැයකින් විදුලිය නිපදවිය හැකි අවස්ථාවන් පවා විදුලිය බල මණ්ඩලයට මේ අනුව අහිමිව ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එතම අමාත්‍යවරයකු යටතේ පවතින මෙම ආයතන දෙක සම්බන්ධීකරණය කිරීමට අමාත්‍යවරයා හෝ අමාත්‍යංශ නිලධාරීන් උනන්දුවක් නොදක්වන බවත් මේ හදිසි මිල වැඩි කිරීමේ අරමුණද බොහෝ විට ඉදිරියේදී විදුලිය ගාස්තු වැඩි කිරීම සඳහා වැඩි පරිවැයක් පෙන්වීම විය හැකි බවද එම ප්‍රකාශකයා සැක පළ කළේය.

Exit mobile version