මන්නාරමේ සිසුවියන් 2කට රස කැවිලි දී වාහනයට නංවා ගන්න හැදූ රථය අල්ලයි

දිනසේන රතුගමගේ

මන්නාරමේදී පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුට රස කැවිලි ලබා දී එම ශිෂ්‍යාවන් දෙදෙනාව ඔවුන්ගේ වාහනයට බලහත්කාරයෙන් නංවා ගැනීමට උත්සහ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ වාහනය තලෙයිමන්නාරම ප්‍රදේශයේදී ජනතාව විසින් ඊයේ 11) අල්ලා පොලිසියට භාර දී තිබේ.

මෙම සිද්ධියෙන් පසුව එම ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් බියට පත් වී ඒ බව අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දීමෙන් පසුව මන්නාරමේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් ලබා දීමට මන්නාරමේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබුනි.

නමුත් ශිෂ්‍යාවන් පැහැර ගැනීමට තැත් කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අනාවරණය වීමත් සමඟම මන්නාරමේ පාසල් සිසුන්ට මෙතෙල් ලබා දී තිබූ දැඩි ආරක්ෂාව ඉවත් කිරීමට මන්නාරමේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.


වහනයකින් පැමිණි පිරිසක් ශිෂ්‍යාවන් දෙදෙනෙකු පැහැර ගැනීමට තැත් කළ බවට ලද ආරංචියට අනුව දැඩි සෝදිසියෙන් සිටි තලෙයිමන්නාරම ප්‍රදේශයේ ගම්වාසීන් වාහනයේ තොරතුරුවලට අනුව එවැනි වාහනයක් දැක රියදුරුගෙන් ප්‍රශ්න කොට එම වාහනය අල්ලාගෙන පොලිසියට භාර දී තිබේ.

මන්නාරම පොලිසිය කළ විමර්ෂනවලදී ශිෂ්‍යාවන් දෙදෙනා නංවා ගැනීමට උත්සහ කළ වාහනය එම වාහනයම බවට හඳුනාගෙන ඇත්තේ ශිෂ්‍යාවන් දෙදෙනගේ තොරතුරුවලට අනුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම වාහනය මන්නාරම් පළාතේ වාණිජමය කටයුතු සඳහා පැමිණි වාහනයක් බවත් ශිෂ්‍යාවන් ප්‍රකාශ කළා සේම එම වාහනයේ පුද්ගලයන් දෙදෙනෙකු සිටි බවත් මන්නාරම පොලිසිය සඳහන් කරයි.
පොලිසිය එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

Exit mobile version