ටිබෙට් අර්බුදය ගැන දලයි ලාමා හිමියන් හඬ අවදි කරයි

 

ටිබෙටයේ ආගමික  නායක දලයි ලාමා වහන්සේ විසින් ටිබෙටයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඉතා ප්‍රඥාවෙන් සහ දායානුකම්පාවෙන් සහ පුළුල්ව ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත්ය.

ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති ගෝලීය බෝද්ධ සමුළුවේ දෙවන රැස්වීම අමතිමින් දලයි ලාමා වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවේ ටිබෙටයේ ඇතිව තිබෙන තත්ත්වය දෙස ධෛර්වයවත්ව පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලීම අතිශය වැදගත් බවයි.

” මේවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ඉතා ප්‍රඥාවන්තවත් මෛත්‍රී සහගතවත් බැලීම අතිශය වැදගත් වෙනවා. එ් සඳහා ධෛර්ය ඉතාම වැදගත් සාධයක් විදිහයට මම දකින්නේ. එසේ කිරීමෙන් පමණයි ටිබෙටයේ පවතින තත්ත්වය පටුකෝණයකට සීමා නොවී බැලීමට හැකියාව ලැබෙන්නේ. ඔබ මේ පිළිබඳ පටුකෝණයකින් පමණක් බලන්නේ නම් ඔබට බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවෙනවා. ඒත් පුළුල්ව බැලීමෙන් අපිට තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව ලැබෙනවා.″ යැයැ දලයි ලාමා වහන්සේ පැවසූහ.
මෙහිදී බෞද්ධ ඉගැන්වීම් වලට අනුව එකිනොකා සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කිරිමේ වැදගත් බවත් එමගින් සාර්ථක ප්‍රථිපළ ඇති කරගැනීමට හැකියාව පවතින බවද උන්වහන්‍සේ පැවසූහ.


බෞද්ධ දර්ශනයේ එක්නෙකාට මෛත්‍රී කිරීමේ වැදගත් කමත් එමගින් සහයෝගයෙන් අරමුණු කරා ගමන් කිරීමට ඇති හැකියාව ඉතා හොදින් පැහැදිලි කරන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ අනුව ටිබෙට් අර්බුදය එම කොර්ණයෙන් බැලීම අතිශය වැදගත් බවද උන්වහන්සේ අවධාරණය කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය විසින් ටිබෙටයේ සිය බලය ස්ථාපිත කර ඇති අතර එහිදී ටිබෙට් දේශය උරුම වූ බෞද්ධ සිද්ධස්ථාන විශාල වශයෙන් විනාශ කිරීමට චීනය රජය පියවරගෙන තිබේ. එහිදී භික්ෂූන් වහන්සේලා පවා අත්අඩංගුවට ගනිමින් දැඩි වඳ බන්දන වලට පැමිණිවීමද විශාල වශයෙන් වාර්තාවේ.====

Exit mobile version