සමාජ මාධ්‍ය කළඹවා සංසරණය වූ වීඩියෝවේ රාගම දැරියට අමානුෂිකව පහර දෙන කුඩම්මා 24 තෙක් රිමාන්ඩ්…

සමාජ මාධ්‍ය කලඹමින් 17 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දුන් රාගම කුරුකුලාව ප්‍රදේශයේ කාන්තාව ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය

දැරියට අමානුෂිකව පහර දීම නිසා අත්අඩංගුවට පත් කාන්තාව

මෙම වීඩියෝ දර්ශන ප්‍රචාරය වූ විගසින් රාගම පොලිසිය මැදිහත් වී සුලු තුවාල සහිතව සිටි දැරිය ඊයේ (10) දිනයේ දී රෝහල් ගත කර තිබේ. අනතුරුව දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ  පොලිසිය    මෙම අමානුෂික ප්‍රහාරය සිදුකළ 39 හැවිරිදි කාන්තාව අත් අඩංගුවට ගෙන ඇත.

රාගම පොලිසිය පැවසුවේ දැරියගේ මව මියගොස් ඇති අතර ඇයට අමානුෂික ලෙස පහර දෙන්නේ ඇයගේ කුඩම්මා විසින් බවය.
දැරිය තරුණයින් සමග පවතින ප්‍රේම සබඳතාවලින් මුදාගැනීම සඳහා මෙලෙස ඇයට දඬුවම් කළ බව කුඩම්මා පොලිසියට පවසා ඇත.

මේ වනවිට දැරියගේ පියා සේවය කරන්නේ කොරියාවේ ය. ඔහු එහි සිට නිවසේ CCTV දර්ශන ඔස්සේ මේ අමානුෂික ප්‍රහාරය දැක ඔහු විසින් ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර තිබෙන බවත් අනාවරණය වී තිබේ.


රාගම පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ් තුච්ඡ ප්‍රහාරය පහත දැක්වේ.

Exit mobile version