ෆයිසර් එන්නත ගබඩා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ශීතාගාර හදන්න යයි…  

ගබඩා කළ යුතේ - 80C උෂ්ණත්වයේ..  

FILE PHOTO: A woman holds a small bottle labeled with a "Coronavirus COVID-19 Vaccine" sticker and a medical syringe in front of displayed Pfizer logo in this illustration taken, October 30, 2020. REUTERS/Dado Ruvic/File Photo

නතාෂා නෙත්මිණි –                                       

එංගලන්තයේ නිෂ්පාදනය කළ “ෆයිසර්” එන්නත මෙරට භාවිතය සඳහා අවශ්‍ය ශිතාකාර පහසුකම් ඇති කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත‍. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්  ඉදිරි දිනවලදී  ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාගයක් ලෙස ජනගහණයෙන් සියයට 20 ප්‍රතිශතයක් සඳහා මෙය  ලබා දීමට නියමිත යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්  සඳහන් කරයි.

එම එන්නත සෙන්ටිග්‍රේට් අංශක  සෘණ 80 උෂ්ණත්වයක් යටතේ පවත්වාගෙන යා යුතු බැවින්  ඒ සඳහා වෙන මම පරිසරයන් මෙරට තුළ ඇති කළ යුතු බව හෙ‌තෙම පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෆයිසර් එන්නත ගබඩා කර තැබීමට සඳහා අවශ්‍ය ශීතාගාර පහසුකම් ඇතැම් පෞද්ගලික රෝහල් සතුව පවතින බැවින් ඒවා ප්‍රයෝජනයට ගැනීමට අදහස් කරන අතර රජයේ රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ශීතාගාර පහසුකම් ඇතිකිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇතැයි අතිරේක ලේකම්වරයා පැවසීය.

 

Exit mobile version