හොරෙන් ගෙනා තහනම් වල්නාශක තොගයක් නොරෝච්චෝලෙන් අල්ලයි

පුත්තලම ප්‍රියංකර කළුපහන

නීති විරෝධි අයුරින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ස්ථාන කිපයක සගවා තිබු ලක්ෂ හතරකට ආසන්න තහනම් ග්ලයිපෝසයිඩ් ඇමෝනියා පැකට් තොගයක් නාවික හමුදා බුද්ධි තොරතුරකට නොරෝච්චෝල පොලිසිය සිදුකල වැටලිමකදි අත් අඩංගුවට ගෙන තිබුනී.

මෙම තහනම් නීති විරෝධි ග්ලයිෆොසෙට් ඇමෝනියා අඩංගු කරන ලද තහනම් වල් නාශකය මෙරට තුල අලේවිය හා භාවිතය තහනම් කර ඇති බව කියයි.


පුත්තලම තම්බපණ්නී නාවික හමුදා කදවුරේ බුද්ධි අංශයට ලැබුන තොරතුරකට අනුව නොරෝච්චෝල පොලිසිය ආලංකුඩාව, නාවක්කාඩු හා පනිඅඩිය ප්‍රදේශ වල සිදු කල වැටලිමකදී ග්‍රෑම්ස් 100 බැගින් අඩංගු පැකට් 800 කට ආසන්න ප්‍රමානයක් අත් අඩංගුවට ගෙන තිබු බව පොලිසිය කියයි.

මෙම තහනම් වල් නාශකය කල්පිටිය ප්‍රදේශයේ වගා බිම් වල වල් නාශකයක් ලෙස භාවිතා කරන බවත් එක් පැකට්ටුවක් රුපියල් 400 කට අධික මිලකට අලේවි කරන බව ද වැටලිමේදි අත් අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයින් පවසයි.

අත් අඩංගුවට ගත් අදාල උග්‍ර විෂ සහිත වල් නාශක පැකට් මුහුදු මාර්ගයෙන් රහසේ රැගෙන එන බවද කියයි.

මෙසේ මුහුදු මාර්ගයෙන් රැගෙන එන නීති විරෝධි දෑ අත් අඩංගුවට ගැනිමට නාවික හමුදාව බුද්ධි ඒකකයේ නිළධාරින් දැඩි කැපවිමක් කර තිබේ.

අත් අඩංගුවට ගත් ග්ලයිෆෝසෙට් ඇමෝනියා අඩංගු වල් නාශක පැකට් තොගය හා සැකකරුවන් තිදෙනා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැටලිම සදහා නොරෝච්චෝල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහතා සමග දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති එම්.එච්.එම්.එස් උෂාන්ත මහතා සමග පොලිස් සැරයන් වරයන් 47893 සුනිල්, 49545 විජේරත්න, පොලිස් කොස්තාපල් වරුන් වන 35395 රත්නායක , 76488 රස්මික, යන නිළධාරින් වැටලිමට එක්ව තිබුනී.

Exit mobile version