හොරෙන් ගෙන්වූ දෙකෝටි විසි ලක්ෂයක එතනොල් තොගයක් හසුවේ…

කීර්ති ප්‍රනාන්දු –

කාර්මික රසායනික ද්‍රව්‍ය බව ප්‍රකාශ කරමින් ගෙන්වා ගබඩා කර තැබූ රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වටිනා එතනෝල් බහාලුම් තොගයක් රේගු මධ්‍යම විමර්ශන අංශ නිලධාරීන් විසින් අද (08) අත්අඩංගුවට ගනු ලැබුවේය.

මෙම බහාලුම් තොගය 2020 අගෝස්තු 09 වන දා වරායට පැමිණ තිබුණු අතර මෙම බහාලුම් තොගය නිදහස් කරගන්නා ලෙස ඒවා ගෙන්වන ලද සමාගමට රේගුව අවස්ථා කීපයක දී දැනුම් දුන්නේය. එහෙත් ඒ සම්බන්ධව කිසිම ප්‍රතිචාරයක් නොමැති හෙයින් මෙම බහාලුම් තොගය විවෘත කිරීමට රේගු නිලධාරීහු කටයුතු කළහ.

එවිට මේ බහලුම්වල සැබැවින්ම පුරවා තිබෙන්නේ කාර්මික රසානද්‍රව්‍ය නොව එතනෝල් වග තහවුරු වී තිබිණි. ගෙන්වන ලද සමාගම ගැන විමසා බලනවිට පැහැදිලි වූයේ එම සමාගම 2016 ආනයනික කටයුතුවලින් ඉවත් වූ අක්‍රීය ආයතනයක් බවය.


එම සමාගමේ නමට මෙම එතනෝල් තොගය සිංගප්පූරුවේ සට එවා තිබිණි. කාර්මික රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දොළොස් දහස් දෙසීය විස්සක් ගෙන්වන මුවාවෙන් ලීටර 200 බැගින් වූ බහාලුම් 76ක එතනෝල් ලීටර 15 200ක් මෙසේ රට තුළට ගෙන්වා තිබිණි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම එතනෝල් තොගය ගෙන්වා තිබුණේ ප්‍රතිපත්තියක් ලෙස රජය එතනොල් ගෙන්වීම නවත්වා තැබීම පමණක් නොව, සුරාබදු ආඥා පණත යටතේ තහනම් කර තිබිය දී ය. මෙම එතනෝල් තොගය වරායෙන් පිට වූවානම් සිදුවන්නට ගිය පාඩුව කෝටි 6කට වැඩි බව පැවසේ.

Exit mobile version