හොරාගෙන් රත්තරන් පවුම් ඉස්සූ පානදුරේ පොලිසියේ හොරා පොලිස් ඇප මත නිදහස්!

Police-Sri-Lanka

හොරාගෙන් රත්තරන් පවුම් හැටක් හොරකම් කළ බවට චෝධනා කරමින්    අධිකරණයට ඉදිරිපත් කළ පානදුර දකුණ අපරාධ විමර්ශනය ඒකකයේ ස්ථානාධිපතිවරයාට සහ ඊට සහාය දුන් බවට සැකකරන පානදුර පොලිසිය පොලිස් කොස්තාපල් වරයාට දැඩි ඇප කොන්දේසි මත මහනුවර අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර  විසින් අද 23දා ඇප ලබා දෙන ලදී.

ඉකුත් ජනවාරි විසි නව වැනි දින මහනුවර දංගොල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ රත්රන් පවුම් හැටක් සොරකම් කළ බවට සැකපිට හොරවල පදිංචි රොෂාන් සාලිය නොහොත් රෝසා පානදුරට යමින් සිටියදී රත්රන් පවුම් 60 සමග පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි .

තමන්ගේ බිරිඳ සතු රත්රන් පවුම් හැටක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් නිවෙස් හිමියා වන වර්ණසූරිය මොහම්දිරම්ඟේ අජිත් සුසන්ත ද සිල්වා නැමැත්තා මහනුවර පොලිසියේ අපරාධ පරීක්ෂණය ඒකකයට කරන ලද පැමිණිල්ලකට අනුව මහනුවර පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

සොරාගත් සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන ඔස්සේ මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය සිදු කළ පර්යේෂණ වලට අදාළව පානදුර පොලිසියේ දින දහයක් රඳවා තැබූ රත්රන් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි.


ඒ අනුව සැකකරු හා පානදුර අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වරයාගේ නිල කාමරයේ තිබී සොයා ගන්න ලද රත්රන් පවුම් හයක් සමග පානදුර අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා එම ඒකකයේ පොලිස් කොස්තාපල්වරයා සහ ප්‍රරධාන සැකකරු වන රොෂාන් සාලිය මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි

වැඩිදුර වාර්තාව සඳහා අද අධිකරණයේ අදාල නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රධාන සැකකරු සහ සැකකරුවන් වන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියි රසෙල් ෆාරුක් නන්දසේන   සහ චමින්ද අතුකෝරල යන නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසය. එක සැකකරුවකුගේ බිරිඳ ගැබිනියක් වන බැවින් ඔහුට ඇප ලබා දීම සාධාරණ බව ද නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අමිත් පෙරේරා   කියා සිටියේ මෙම පවුම් හැටක රත්රන් පැමිණිලිකරුගේ බිරිඳ වන තුශානි සිල්වාට අයත් බවත් එම රත්රන් 1990 වසරේ සිට ඉපයූ ඒවා බවත් ය. එබැවින් ඇය මේ වන විට මානසික පීඩනයෙන් විශාදයට රෝග තත්ත්වයට පත්වෙමින් සිටින බවය. තවදුරටත් නීතිඥ අමිත් පෙරේරා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සොරකම සිදුකළ   ප්‍රධාන සැකකරුවා අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු සතුව තිබූ පව්ම් හැටෙන් පවුම් හයක් පොලිස් නිලධාරියාගේ නිල කාමරයේ දින දහයක් සන්තකයේ තබා ගැනීම හරහා නීතිය දන්නා රාජ්‍ය සේවකයෙක් අදාල සොරකමට සම්බන්ධ බවට සනාථ වන බවය.

තවද විත්තතිය කීවේ  ඇප පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව සාක්ෂිකරුවන් කෙරෙහි සාක්ෂි වලට අහිතකර ලෙස මැදිහත් විය හැකි බවට හෝ යුක්තිය ඉෂ්ට වීම කෙරෙහි හෝ අන්‍ය ලෙස බාධා පැමිණවිය හැකි බවට විශ්වාස කළ හැකි කරුණු  පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාප මත පැහැදිලි වන බැවින් ඇප ප්‍රතික්ෂේප විය යුතු බවය.   මේ වන විට අස්ථානගතව තිබෙන ඉතිරි පව් 54ක රත්රන් ප්‍රමාණය සම්බන්ධයෙන් විශ්වාසනීය විමර්ශනයක් සිදුකිරීමට ඇප ලබා දීම ඍජුව බලපානු ඇතැයි ද නීතිඥ අමිත් පෙරේරා   අධිකරණය හමුවේ කියා සිටියේය.

ඔවුන්ට ඇප ලබා දුනහොත් අධිකරණය මගින් සාධාරණ ලෙස යුක්තිය ඉෂ්ට වීමක් සිදු නොවන බවද හෙතෙම අධිකරණය හමුවේ අවධාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රධාන සැකකරු යළි මාර්තු නව වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සැකකරුවන් වූ පොලිස් නිලධාරීන්ට දැඩි ඇප කොන්දේසි මත ඇප ලැබිණි

Exit mobile version