හෙට ජනවාරි මුල දක්වා “චෙරියපානි”  ඉන්දු – ශ්‍රී ලංකා  යාත්‍රා ගමන නවතී…

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ නාගපට්ටන හා යාපනයේ කන්කසන්තුරේ අතර යාත්‍රා කෙරෙන  ” චෙරියපානී ” නැව් සේවාව හෙට (21) සිට අයහපත් කාලගුණික තත්ත්වය මත නවතා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කොට ඇත.

ඒ අනුව මෙම නැව් සේවාව මේ වසරේ ක්‍රියාත්මක වන්නේ අද (20) දා පමණක් වන අතර එම ගමන් වාරයට ඉන්දියාවේ සිට යාපනයට මගීන් 105 ක් හා  කනකසන්තුරේ සිට ඉන්දියාවට මගීන් 78 ක් එහා මෙහා යාමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අයහපත් කාලගුණික තත්ත්වය හා මෝසම් වර්ෂාව   ආරම්භ වන නිසා චෙරියපානී නැව් සේවය යළි ජනවාරී මාසයේ මැද භාගයේදී ක්‍රියාත්මක කරවීමට නියමිතය.

Exit mobile version