හෙට කිසිදු ඉන්ධන හළකට තෙල් බෙදන්න එපා ! අයි.ඕ.සීයට උපදෙස් ලැබෙයි !

 

මහජන විරෝධතාවක් සඳහා ජනතාව සැරසෙන හෙට දිනය තුළ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් නොකරන ලෙසට තමන්ට උපදෙස් ලැබි ඇති බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසයි. ඒ අනුව හෙට දිනය තුළ දිවයින පුරා පිහිටි කිසිදු අයි.ඕ.සී ඉන්ධන හළකට ඉන්ධන නිකුත් නොකෙරෙන බවත් ලබන 10 වැනදා , ඉරිදා අලුයම සිට පුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම ආරම්භ කරන බවත් ඔහු ට්විටර් පනිවිඩයක් මඟින් පවසයි.

කෙසේ වුවද ගුප්තා මහතා පවසන්නේ ත්‍රිකුණාමලයේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන  ගබඩා වෙත ඉන්ධන නිකුත් කිරීම සහ අත්‍යවශ්‍ය කර්මාන්ත සඳහා ඉන්ධන සැපයීම සහ බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙම ඉන්ධන බෙදා හැරීම නවතන ලෙස උපදෙස් ලබා දුන්නේ කවුදැයි අයි.ඕසී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කොට නැත.


Exit mobile version