හෙට උද්ඝෝෂණය සැලසුම් කළ බව කියන සරසවි සිසුවා රජයට එරෙහිව කුමන්ත්‍රණ  චෝදනා යටතේ අධිකරණයට!

“ගෝ හෝම්  ගෝටා“ නම් ෆේස්බුක් සමූහයේ මෙහෙයවන්නක් ලෙස කටයුතු කරමින්     රට පුරා විරෝධයක් පළ කළ යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ කොළඹ සරසවියේ සිසුවෙක් වන  තිසර අනුරුද්ධ බණ්ඩාර  දණ්ඩ නීති සංග්‍රහයේ 120වන වගන්තිය ප්‍රකාරව    රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීම සහ ඒ සඳහා පෙළඹවීම් ඇති කිරීමේ චෝදනාව පිට අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ  කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ මෙම තරුණයා සිය භාරයට ගෙන  ඇති බවය.

ජනතාව මේ වනවිට පත්ව ඇති අසීරුතා  රජයේ අවධානයට ලක් කරමින් සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස බල කරමින් රට පුරා විරෝධයක් පළ කළ යුතු ආකාරය  මෙම තරුණයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙන බව පොලිසිය පෙන්වා දෙයි.


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ  ඔහු අද පස්වරුවේ  අධිකරණයට ඉදිරිපත් කරන බවත්  පොලිසිය විසින්  මානව හිමිකම් සභාවට ද මෙම තරුණයා රඳවාගෙන ඇති බව දැනුම්දී ඇති බවත්ය.

මේ අතර අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන අනුරුද්ධ බණ්ඩාරට නීතිඥ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් පොලීසියට උපදෙස් ලබාදී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද සඳහන් කර ඇත.

Exit mobile version