හෙට ඇදුරු අහසක්… දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගිරුම් සහිත වැසි…

heavy rain

ත්‍රිකුණාමලයට කිලෝමීටර් 340ක දුරින් වන වායු පීඩන පද්ධතිය පෙබරවාරි 01 පෙරවරුවේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා උතුරු අක්්ශාංශ 7° ත් 8° අතරින් ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බර ව පවතින අතර විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50-60 පමණ තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද විටින් විට තද සුළං ඇති වේ.

Exit mobile version