හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

හෙට ආරම්භවන තරග තුනකින් සමන්විත ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා තරගාවලියේ දි මතිෂ පතිරණ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පිල නියෝනය කරන බවත් ඔහුට එක්දින වරම් හිමිවන බවත්,  ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක අද (01) පැවසුවේය.

17න් පහළ කණ්ඩායමේ සිට මේ දක්වා මතීෂ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බවත් හඳුනාගෙන සිටි දක්ෂ ක්‍රීඩකයෙක් වූ මතීෂ නවසීලන්ත 20යි විස්ස තරගාවලියේ දී  ශ්‍රී ලංකා කණ්ඩායමට  මගහැරුනේ ඔහුට කොවිඩ් වැළඳීම නිසා බවත් දසුන් කීවේය.

මෙම තරගාවලියේ මුල් තරගයට ආබාධයකට ලක්වී සිටින  වනිඳු හසරංග සහභාගී වන්නේ නැත. ඔහු වෙනුවට   දුෂාන් හේමන්ත සිය මංගල එක් දින තරගය  ක්‍රීඩා කිරීමට නියමිය.

දුෂාන් හේමන්ත ශාන්ත පීතර විද්‍යාලයෙන් බිහි වූ දකුණත් පිතිකරණයේ යෙදෙන ලෙග් බ්‍රේක් පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ඒ කණඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි.


තරග 3කින් සමන්විත ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හෙට උදේ 10ට (02) ආරම්භ වීමට නියමිතය.

මෙම තරග තුනම දිවා තරග ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසියට එක් වූයේය.    ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන ද එක්වී සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට ඇරඹෙන තරගාවලිය ගැන අදහස් දක්වමින් දසුන් ශානක පැවසුවේ මේ තරගාවලියේ දී පන්දු යවන්නන් තුන් දෙනෙක් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවය.

Exit mobile version