හෘද සැත්කම්වල ඛේදවාචකය … අත්‍යාවශ්‍ය  ඖෂධ,  ශල්‍ය උපකරණ සහ ශල්‍ය පරිභෝජක භාණ්ඩ වර්ග 08ක් රටේ නෑ!

චන්න... එන්න... උත්තර දෙන්න....

අත්‍යාවශ්‍ය  ඖෂධ,  ශල්‍ය උපකරණ සහ ශල්‍ය පරිභෝජක භාණ්ඩ වර්ග 08ක්  වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැතිවීම හේතුවෙන්  විවෘත හෘද සැත්කම් වලට ( බයිපාස් සහ අනෙකුත් ) ලක් වීමට නියමිතව  පොරොත්තු ලේඛනයේ සිටින සහ හදිසි හෘද සැත්කම් වලට ලක් වීමට නියමිතව සිටින සියලුම රෝගීන්ගේ ජීවිත අවදානමක පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීහු හෙළිදරවු කරති.

රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන සිය වෘත්තීයභාවය අයාලේ යවමින් ලජ්ජා සහගත අතාර්කික දේශපාලන ප්‍රකාශ කරමින් සිටියද  තව දින කිහිපයකින් පසු  ජාතික සෞඛ්‍ය සේවාව   බිහිසුණු ආපදාවකට මුහුණ දීමට නියමිතව ඇති ආකරය ඔවුහු සහේතුකව පෙන්වා දෙති.

රජයේ රෝහල් ලෙස මේ රට තුළ හෘද සැත්කම් කරනුයේ කොළඹ, මහනුවර ජාතික රෝහල් දෙකෙහිත්, කරාපිටිය,  යාපනය ශික්ෂණ රෝහල දෙකෙහිත් රිජ්වේ ආර්යා ළමා රොහලෙහි පමණි.

මෙම සැත්කම් සඳහා සියලුම ඖෂධ   ශල්‍ය උපකරණ සහ ශල්‍ය පරිභෝජක භාණ්ඩ ආනයනය කරනු ලබන නමුත් වසරක කාලයක පමණ සිට ඒවා නියමිත කාලයට නොලැබී යන තත්වයක් උද්ගතවූ  ආකාරය රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.  .


වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කළද කිසිදු ධනාත්මක පියවරක් ගෙන නැති බවත් ටෙන්ඩර් කැඳවා ණයවර ලිපි නිකුත් කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ප්‍රතිපාදන නැති බවත්  එම ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

ඔවුන් පවසන පරිදි අත්‍යවශ්‍ය සහ දැනට වෛද්‍ය සැපයුම් අංශය සතුව නැති ඖෂධ,  ශල්‍ය උපකරණ සහ ශල්‍ය පරිභෝජක භාණ්ඩ  ලයිස්තුව මෙසේය.

  1. Compound sodium lactate solution ( Hatrmanns solution)
  2. Surgical Drapes for
  3. බයිපාස් සැත්කම් වලට අත්‍යවශ්‍ය ඉතා සංවේදී සහ සියුම් මැහුම් වර්ග. ( Very essential suture materials)
  4. කෘත්‍රිම හෘද කපාට – ද්වි තුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ ( යාන්ත්‍රික සහ ජෛවීය පටක වලින් තැනුනු ) ( Biological & mechanical heart valves of Aortic & Mitral , Mitral annuloplasty rings)
  5. බයිපාස් සැත්කම් වලට අත්‍යවශ්‍ය යා විශේෂ ශිරා සහ මහා ධමනි වලට යොදා ගන්නා කැතීටර සහ කැනියුලා වර්ග. ( Arterial & all types of venous cannula)

06.හෘද ක්‍රියාකාරීත්වය සැත්කම කරන කාලය තුළ තාවකාලිකව නවතා දැමීමට යොදා ගන්නා කැනියුලා වර්ග.

  1. හෘද පටක වෙනුවට සැත්කම් වලට යොදා ගන්නා කෘත්‍රිම පැච් වර්ග ( graft)
  2. සැත්කම අතරතුර හෘද සහ පෙනහළු ක්‍රියාකාරීත්වය කෘත්‍රිමව සිදු කරන Oxygenators වර්ග.

රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා  මසකට පොරොත්තු ලේඛනයට රෝගීන් සිය ගණනක් එකතු වීම සාමාන්‍ය සිද්ධියක් බවත් මෙසේ එකතුවන බොහෝ රෝගීන්    පුද්ගලික රෝහල්වලින් තම සැත්කම් සිදුකරගත නොහැකි අසරණයින් බවත් සෞඛ්‍ය අංශ කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැත්කම් සඳහා පොරොත්තු ලේඛනගතව වසර තුන හතර බලාගෙන සිටින මේ රෝගීන්ගේ සැලකියයුතු පිරිසක්  සැත්කමට වාරය එන විට  ජීවතුන් අතර නැතිබව පවසන සෞඛ්‍ය බලධාරීන් මේ වනවිට තත්වය බෙහෙවින් සංකීර්ණ සහ සෝචනීය බවය.

 

 

 

Exit mobile version