හෘද රෝගීන් ගේ ඖෂධ මහනුවර රෝහලෙන් ඉස්සූ සෞඛ්‍ය කාර්ය සහායකයා අත්අඩංගුවට…

Arrested

අන්තරායක ඖෂධ භාවිතයට හුරුවී සිටි සෞඛ්‍ය කාර්යය සහයක යෙකු හෘද රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ සොරකම්  කිරීම හේතුවෙන් රෝහල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  මහනුවර ජාතික රෝහලේ හෘද ඒකකයට අනියුක්තව සේවය කරන ලද සෞඛ්‍ය කාර්යය සහයකයෙකි.

මෙම පුද්ගලයා  මෙයට කලකට පෙර පේරාදෙණිය මහ රෝහලේ දී ද ඖෂධ සොරකමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මහනුවර රෝහලට මාරු කර එවු අයෙකි.

දැනට සතියකට පමණ පෙර මහනුවර ජාතික රෝහලේ දී අවස්ථා කිහිපයක් තුළ  ඖෂධ සොරකම් කිරීම හේතුවෙන් රෝහලේ පරිපාලන අංශය විසින් විනය පරීක්ෂණ සිදු කොට මොහුගේ සේවය අත්හිටුවා තිබිණි.


ඔහු සම්බන්ධයෙන් රෝහල් පොලිසියට දැනුම්දී ඇත්තේ රෝගින්ට ලබාදෙන අන්තරායක ඖෂධ කාණ්ඩයට අයත් ඖෂධය පෙති 91 ක් මිල අධික බෙහෙත් ටියුබයක් සොරකම් කිරිමේ චෝදනාව මතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර මුලස්ථාන පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

 

Exit mobile version