හිස්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පුටුවේ අඩුව කොවිඩ් සමඟ යළි දැනෙයි

රට තුළ යළිත් උත්සන්න වී ඇති covid වසංගත තත්ත්වය තුළ ඊට අදාළ පියවර ගැනීම සඳහා මසකට අධික කාලයක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩුව පැවතීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වනවිට බරපතළ අර්බුද රැසකට මුහුණ පා සිටින බව ලංකාසරට වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු ලංකාසරට පැවසුවේ තීන්දු තීරණ ගැනීම, උපදෙස් ලබා දීම සහ තොරතුරු හුවමාරු කර ගැනීම හා තොරතුරු ජනතාව වෙත ලබා දීම වැනි කටයුතු සාර්ථකව සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මේ නිසා උද්ගතව ඇති බවයි.

හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙනත් අමාත්‍යාංශයක ලේකම්වරයෙක් ලෙස පත්කිරීමෙන් පසු පුරප්පාඩුව පවතින අධ්‍යක්ෂ ජනරාල් ධුරයට තවමත් පුද්ගලයකු පත්කිරිමට බලධාරීන්ට නොහැකි වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට ඉහතදී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස මාධ්‍ය හා අනෙකුත් ආයතන වෙත තොරතුරු ලබාදීම සිදුකළ ද වර්තමානයේ ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම කාර්යය සිදු කිරීමට ඔහුට නොහැකි වීම නිසා මේ තත්ත්වය උද්ගතව තිබේ.

Exit mobile version