හිරේ ඉන්න දුවටයි බෑණටයි තාප්පෙට උඩින් හොර බඩු දැමූ මව පොලිසියට කොටු…

කාලයක සිට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ස්වකීය දියණියට හා බැණාට බන්ධනාගාරයේ තාප්පයට උඩින් මත්ද්‍රව්‍ය හා තහනම් භාණ්ඩ දැමූ 65 හැවිරිදි කාන්තාවක් හා තවත් පුද්ගලයෙක් අද ( 05 ) පොලිස් අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට පත් වූ කාන්තාව හා පිරිමි පුද්ගලයා උතුරු බටගම හා ජා ඇල පදිංචි කරුවන්ය.

මෙම දෙදෙනා ලඟ තිබී ජංගම දුරකථන චාජර් 14ක් හා අතේ පළඳින ජංගම දුරකථනයක් හමු වී තිබිණි.  පසුගිය වසරේ බන්ධනාගාරයේ තිබී හමු වූ සිම්පත් දෙකක් සම්බන්ධව බුද්ධි අංශ කළ විමර්ශනයකට අනුව ලැබුණු තොරතුරු මත පදනම්ව  මීගමුව හා කඳාන පොලිස් ස්ථානවල දූෂණ මර්ධන ඒකක විසින් කළ විමර්ශනයකට අනුව කඳාන පොලිසිය විසින් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් දෙදෙනා හෙට (06) අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය

Exit mobile version