2015 වසරේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට වසර තුනක් බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
2015 දෙසැම්බර් මස 21 වැනිදා ඇයට එල්ල වී ඇති අධි චෝදනා පත්‍රයේ චෝදනා 18ටම ඇය වරදකරු කර ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් ප්‍රකාශ කළේය.
විනිසුරුවරයා ප්‍රකාශ කළේ අදාල තරුණයා පැහැරගෙන යෑමට ආධාර අනුබල දුන් බවට ඉදිරිපත් වී ඇති කරුණු සාක්ෂි සලකා බැලිමේදී එම වරද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සිදුකළ බවට සෑහීමකට පත්විය හැකි සාක්ෂි ඇති බවය.
ඒ අනුව ඇයට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අධිකරණය විසින් නියම කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ ඇඟලුම් අලෙවිසලක සේවය කළ තරුණයෙක් මෙසේ පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධව හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නඩුව විභාග වෙමින් තිබිණි.