හින්දු විදිහට කෝවිල් එන්න… ආරක්ෂක අංශවලට උපදෙස් දෙන්න… උතුරේ පූජකවරු අගමැතිගෙන් ඉල්ලති…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරේ කෝවිල් වලට ඇතුලුවන ආරක්ෂක නිලධාරීන්ගෙන් විශාල පිරිසක් උඩුකය ඇදුමින් සැරසී පැමිණිමත් කෝවිල් තුළ පාවහන් පැළදීමත් හින්දු සංස්කෘතියට නොගැලපෙන නිසා මේ පිළිබඳව එම නිලධාරීන්ට උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමින් උතුරේ හින්දු කෝවිල් සංගම් සම්මේලනය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවා තිබේ.

එම සංගමය පෙන්වා දී ඇත්තේ උතුරේ ආරක්ෂක නිලධාරීන් ඒ අන්දමට කටයුතු කරනවිට කෝවිල් වලට පැමිණෙන හින්දු බැතිමතුන්ව පාලනය කර ගැනීමට කෝවිල්වල බාරකාර පූජකවරුන්ට නොහැකි වන බවයි.

මේ පිළිබදව උතුරේ ආරක්ෂක අංශ දැණුවත් කරන ලෙසද කෝවිල් මගින් යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.

Exit mobile version