හිට්ලර් පාලනයක් ඉල්ලූ මාධ්‍යවේදීයාට ලොකු විරෝධයක්

සී.එන්.එන්. පුවත්සේවයේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන්නෙකු වන අඩීල් රාජා විසින් හිට්ලර් අගයකරමින් ලෝකයට හිට්ලර් අවශ්‍යව ඇතැයි සඳහන් කරනමින් ට්විටර් සටහනක් තැබීමත් සමගම ජාත්‍යන්තරය තුල මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ගාසා තීරයේ ගැටුම් වර්ධන වී ඇති පසුබිමක මෙවැනි දෙයක් සඳහන් කිරීම ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයටද ලක්ව තිබෙනවා. ට්විටර් සමාගම විසින් රාජාගේ ට්ටවිටර් ගිණුම නිල ට්විටර් ගිණුමක් ලෙස සනාත කරන ලද්දක් වීමද විශේෂත්වයක්.

රාජා විසින් සී.එන්.එන්. පුවත්සේවයට පාකිස්ථාන සහ ඉන්දියා අර්බුදය සම්බන්ධයෙන් විශේෂ වාර්තා ලිපි සැපයීම කරන ලදදෙක් වේ. රාජා සිය ලින්කඩ් ඉන් ගිණුමේදී තමන් සී.එන්.එන් පුවත්සේවයේ ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන බවද සඳහන් කර ඇත.


ඔයු සී.එන්.එන්. පුවත්සේවයට ලිපි පනහකට අධික සංඛ්‍යාවක් සම්පාදනය කර තිබේ. එසේම ඔහු සී.එන්.එන්. පුවත්සේවයේ වෙබ් අඩවියේ රාජා තම වෙබ් අඩවියේ සම්පත් දාකයෙකු ලෙස කටයුතු කරන බවටද සඳහන්ය.

කෙසේ වෙතත් රාජායේ මෙම ආන්දෝලනාත්මක ට්විටර් සටහනෙන් පසුව සී.එන්.එන්. පුවත්සේවය රාජා විසින් සම්පාදනය කළ සියලුම ලිපි ඉවත්කර ඇති අතර ඔහු එම පුවත්සේවයට සාම්පත් දායකයෙකු ලෙස කර තිබූ සඳහනද ඉවත්කිරීමට පියවරගෙන තිබිණි.

කෙසේ වෙතත් රාජා සිය ට්විටර් ගිණුමේ තැබූ පළමු ආන්දොලනාත්මක සටහන් මෙය නොවේ. ඔහු මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හිට්ලර්ට සමාන බවටද සඳහන් කරමින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.

මේ අතර රාජාගේ ආන්දොලනාත්මක ට්විටර් සටහනත් සමඟ ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පගේ පුත්‍රයාද ඊට ප්‍රතාචාර දක්වා ඇති අතර ඔහු සී.එන්.එන් පුවත්සේවයේ ස්වාධීන බවද ප්‍රශ්න කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සී.එන්.එන්. පුවත්සේවය හිටපු ජනාධිපති ඩොලනල්ඩ් ට්‍රම්ප දැඩි ජාතීවාදී පුද්ගලයෙකු බවට දැඩි විවේචන එල්ල කළ මාධ්‍ය ආයතනයකි. එසේම ඇතැම් පුද්ගලයින් ට්‍රප්ගේ නිල ට්විටර් ගිණුම ට්විටර් සමාගමෙන් ඉවත් කිරීමට පියවරගත්තා සේම රාජාගේ ගිණුමද අත්හිටුවීමට ක්‍රියාකළ යුතු බවට මත පළ කිරීමක්ද සිදුකර තිබෙනවා.

 

adeel Raja cnn

Exit mobile version