හිටපු මහ බැංකු අධිපති කෙනකුට සිර දඬුවමක්

ඉරානයේ හිටපු මහ බැංකු අධිපතිට මූල්‍ය වංචා සම්බන්ධයෙන් වසර දහය සිර දඬුවමක් නියමවී තිබේ.

ඒ අනුව ඉරානයේ හිටපු මහ බැංකු අධිපතිවරයා සිය ධුර කාලයේදී විදේශ මුදල් හුවමාරු සම්බන්ධයෙන් සහ එරට ආර්ථික පරිසයට අයහපත් අයුරින් කටයුතු කර ඇති බවට එල්ලවූ චෝදනා වලට වැරදිකරු බව ඉරාන අධිකරණය තීරණය කර ඇත.

ඉරාන හිටපු මහ බැංකු අධිපතිවරයාට අමතරව ඔහු යටතේ කටයුතු කළ අයෙකුටද මෙහිදී සිර දඬුවම් නියමදී ඇති බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන අන්දමට වැරදිකරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 160ක්ද යුරෝ මිලියන 20ක්ද අයතාලෙස කළමනාකරණය කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

Exit mobile version