හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයේ නිවාස අඩස්සියේ….

Gota

සංරක්ෂිත ඡායාරූපයකි.....

තමන් රැඳී හෝටල් කාමරයෙන් පිටත නොයන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට     බැංකොක් පොලිසිය උපදෙස් දී   බැංකොක් පෝස්ට් පුවත්පත  වාර්තා කර තිබේ.

තායිලන්තය හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමින් ඊට අදාල විධිවිධාන යොදවා ඇතැයි වාර්තා වේ.

සිංගප්පූරුවේ දින 28ක් ගත කළ ගෝඨාභය රාජපක්ෂ  ඇතුළු පිරිස ගමන් ගත් ගුවන් යානය ගොඩබැසීමට සැලසුම් කර තිබුණේ තායිලන්තයේ ෆුකෙට් වෙතය. එහෙත් ආරක්ෂක හේතූන් මත යානය මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබිණි.

මුවාන්ග් ජාත්‍යාන්තර ගුවන් තොටුපලට ගොඩබසින ලද හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස අනතුරුව තායිලන්ත ආරක්ෂක අංශ විසින් බැංකොක් නගරයේ ස්ථානය හෙළි නොකළ හෝටලයක් වෙත රැගෙන ගොස් තිබේ.


ඔහු රැඳී සිටින හෝටලයට සිවිල් හැඳුමින් සැරසුන විශේෂ බලකායේ පොලිස් නිලධාරීන් යොදවා ආරක්ෂාව තර කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තායිලන්ත බලධාරීන් උපදෙස් දී ඇත්තේ ජනාධිපතිවරයා තායිලන්තය තුළ රැඳී සිටින කාලය තුළම  මෙම විශේෂ ආරක්ෂාව සපයා ඇති හෝටලය තුළම රැඳී සිටින ලෙසය.

Exit mobile version