හිටපු කැබිනට් මණ්ඩලය අද ජනපති හමුවේ!

හිටපු කැබිනට් ඇමතිවරු සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති නිල නිවසේ දී පැවැත්වීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.

රටේ උද්ගතව ඇති වත්මන් තත්වය හමුවේ නව ඇමති මණ්ඩලය පත් කරගැනීමේ දී හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකුට ඇමති තනතුරු අහිමි වීම සහ ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුම්වත් වීමට මෙම හමුව කැඳවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් රට ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය යෝජනා සහ අදහස් විමසීම ද  මෙම හමුවේ එක් අරමුණක් බව ආණ්ඩුවේ අභ්‍යන්තර  ආරංචි මාර්ග අනාවරණය කරයි.

Exit mobile version