හැමදාම “අද“ කියා  නිකුත් කරන්නෙ දින 03ක් පරණ වාර්තා…  PHI ලා කියති….

අලුත්ම දත්ත හෙළි කරන ක්‍රමවේදයකට යන්න... නැතිනම් ප්‍රශ්නය සංකීර්ණ වේවි...

කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීම ඉතා බරපතල තත්ත්වයක පවතින බැවින් සත්‍ය තොරතුරු හෙලි නොකළහොත් ඉදිරි දිනවලදී රටතුල ඇතිවිය හැකි තත්ත්වයන් වඩාත් දරුණු විය හැකි යැයි මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමය සඳහන් කරයි.

අද දිනය තුළ වාර්තා වන්නේ මීට දින තුනකට පෙර කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වන බැවින් අද දිනය තුළදි රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා අධික බැවින් නවතම රසායනාගාර පරික්ෂණ වාර්තාවන් වහාම නිකුත් කරන මෙන් සංගමයේ සභාපති උපුල් රෝහණ  වසංගත රෝග විද්‍යා අංශයෙන් ඉල්ලීමක් කරයි. 

නිවැරදි නොවන දත්තයන් මගින් ඉදිරියේ දී ගන්නා තීන්දු තීරණයන්ට සෘජු බලපෑම් එල්ල වන බැවින් වහාම නිවැරදි රසායනාගාර වාර්තාවන් එළිදක්වන්නැයි  ඔහු අවධාරනය කරයි..


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවැරදි නොවන තොරතුරු රටට සැපයීමෙන්  සිදුවන්නේ වැරදි චිත්‍රයකට අනුව වැරදි තීන්දු තීරණයක් ගැනීමක් යැයිද උපුල් රොහණ මහතා පෙන්වාදේ

Exit mobile version