හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති  නවලෝක රෝහල කුණු කොල්ලයට ගන්න හැරී ගේමක….

කොටි 63ක ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මේ වනවිට හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති නවලෝක රෝහල දේපලේ වටිනාකමට වඩා ඉතා අඩු මුදලකට මිලදී ගැනිම සඳහා ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්වන හැරී ජයවර්ධන කටයුතු කරමින් සිටින බව ව්‍යාපාර ලෝකයේ ආරංචි මාර්ග පවසයි.

තමන්ට වැඩි බලයක් සහිත හැටන් නැෂනල් බැංකුව යොදාගෙන පවතින නීතිමය තත්ත්වය යටතේ මෙම අත්පත් කරගැනීම සඳහා හැරී ජයවර්ධන විසින් ආරම්භ කර ඇති මෙහෙයුම සම්බන්ධව අදහස් දක්වන ව්‍යාපාරික ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ නවලෝක රොහලේ වත්කම් ප්‍රමාණය බිලියන ගණනක් බවය.

නවලෝක රෝහල විසින් ඉදිකිරීම් සඳහා ලබා ගත් රුපියල් කෝටි 35කට ආසන්න  මුදල කොවිඩ් සමයේ දී ගෙවා ගත නොහැකි වීමත් සමග ඇති වූ තත්ත්වය මත එය එම ණය මුදල කෝටි 64 තෙක් ඉහළ යෑම හේතුවෙන් රෝහල බැංකුවට සින්න වූ බව වාර්තා වේ.

පුද්ගලික රෝහල් කළමනාකරණය ගැන පලපුරුද්දක් සහිත හැරී ජයවර්ධන මේ වනවිට රාගම Melsta රෝහලේ හිමිකාරිත්වය දරන්නේය. ඔහු මින් පෙර ලංකා හොස්පිට්ල්ස් ආයතනය ඇපලෝ ලෙස පවතිද්දී එහි හිමිකාරිත්වය දැරුවේය.


මේ අතර රජය විසින් විකිණීම සඳහා ලයිස්තුගත කර ඇති ලංකා හොස්පිටල්ස් ආයතනය මිලදි ගැනීම සඳහා තරගයට පැමිණ ඇති  සුභාෂ්කරන් අලිරාජා ලන්සුකරුවන් තේරීමේ මුල් වටයෙන්ම රජයේ දේපල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කර ඇති කැබිනට් අනුකමිටුව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අධිකරණ ක්‍රියාවලියකට අවතීරණ වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ද මිලදී ගැනීමට ලන්සු ඉදිරිපත් කර තිබිණි.

 

Exit mobile version