හාල් මාෆියාවේ එක් අයෙකුගේ කන්නයක ලාබය කෝටි 500යි

සහල් මාෆියාව හසුරුවන ව්‍යාපාරිකයන්ගෙන් එක්කෙනෙක් එක් කන්නයකින් රුපියල් බිලියන 50ක ලාබයක් (කෝටි 500ක) ලබා ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මේ වනවිට රටේ ප්‍රමාණවත් තරම් ආහාර පවතින බවත් කිසිසේත් හිගයක් ඇති නොවන නමුත් මෙම මාෆියාව පාලනය කර ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේ අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී හදිසි නීතිය සම්මත කර ගැනීම් විවාදය ආරම්භ කරමිනි.

මේ සහල් මාෆියාකරුවන් රුපියල් 60ට ගන්නා නාඩු වී කිලෙ ග්‍රෑම් එකක් සහල් බවට පත් කර රුපියල් 125කට අධික ලාබයක් ලබමින් විකුණන බවත් රුපියල් 60ට ගන්නා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් සහල් බවට පත් කොට රුපියල් 150ට අලෙවි කරන බවත් පෙන්වා දුන් අතර රටේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට අවශ්‍ය ආකාරයට හාල්, සීනි, කුකුලු මස්, බිත්තර මිල තීරණය කළ හැකි නම් ආණ්ඩුවකින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි විමසීය. මේ තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මිස වෙනත් කිසිදු අරමුණක් මෙම හදිසි නීතිය තුළ නොමැති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදි තවදුරටත් අදහස් දැකවූ අමාත්‍ය අලුත්ගමගේ මහතා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“වී කිලෝ එකක් අරන් ප්‍රවාහන කරල මේ අය විකුණන මිල කීයද කියල බලන්න. රජයේ සහතික මිල 96 නම් 125ට විකුනනකොට මොනවද කරන්න ඕන. පාරිභෝගික සේවා අධිකාරි පනත ක්‍රියාත්මක කරන්කියල කිව්වත් ඒක හදල තියෙන්නෙත් මේ මාෆියාවමයි. වැඩි මිලට විකුණන අය අලල්ලා දඩ ගහනවා,දඩය 2500යි. 2500 දඩේ ගහපුවාම මෝලේ අයිතිකාරයාම දඩය ගෙවනවා. අප දැන් මේ පනත සංශෝදණය කිරීමට කටයතු කරල කියෙනවා වැඩි මිලට විකුණන වෙළෙඳුන්ට ලක්ෂයක දඩයක් ගහන්න. මාස හයක් හිරේ දාන්න පුළුවන්. .
මෙරට සහල්වල හෝ එළවලුවල කිසිදු හිගයක් නෑ. ආර්ථික මධ්‍යස්ථාන සියල්ල තියෙන්නේ මගේ යටතේ. හැම එකටම ටොන් ලක්ෂ 25ක් 30ක එනවා. පාරිභෝගිකයාට දීමේ යාන්ත්‍රණයක් තිබෙනවා. කිසිදු එළවලු හිගයක් ආහාර හිගයක් මේ රටේ නෑ.” යයිද සඳහන් කළේය.


Exit mobile version