හවස මරණ තර්ජන  චෝදනාවක් කරනවා… උදේ පොලිස් මූලස්ථානය නිවේදන එවනවා… මර්ධන සැලසුමක් ගැන ස්ටාලින් කියයි!

joshep _stalin

ඔන් ලයින් අධ්‍යාපනය ලබා දෙන කොළඹ සුපිරි පාසල් කීපයකට  ගුරුවරුන් පිරිසකට මරණ තර්ජන එල්ල කළ බවට ඉදිරිපත් වී ඇති චෝදනාව කිසිම පදනමක් නැති බොරුවක්  බවත් කිසිම ගුරු විදුහල්පති වෘත්තීය සමිතියක්   මේ මොහොතේ එවැනි අඳබාල අශිෂ්ට ක්‍රියාවක් නොකරන බවත්  ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ලංකාසරට පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ගුරුවරුන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව නැගෙන චෝදනාවක් පිළිබඳව ලංකාසර කළ විමසීමක දී ය.

මේ පෙන්වා දෙන්නේ   මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉතාම දරුණු මර්ධනයකට ලක් කිරීමේ නිමිති බව එහිදී ලේකම් වරයා වැඩිදුරටත් පැවසුවේය.


“ අපි දැක්කා මාධ්‍යයේ සඳහන් වෙනවා ගුරුවරු 06 දෙනෙක් තමන්ට මරණ තර්ජන එල්ල වෙලා කියලා මහජන ආරක්ෂාව භාර ඇමතිට පැමිණිලි කරනවා. ඒ එල්ල වූ මරණ තර්ජන කාගෙන් එල්ල වුනාද කියලා පැහැදිලිව කියන්නෙ නෑ. ඊයේ හවස ඇමති හම්බවෙලා පැමිණිලි කරනවා. අද පාන්දර  පොලිස් මූලස්ථානයෙන් නිවේදන නිකුත් වෙනවා. පුදුමාකාර කාර්යක්ෂමයි.“

මේ හැසිරීමෙන්ම පේනවා මේ සිද්ධ වුනේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් කියලා.  අරගලය පටන් ගත්තේම මේ වගේ අභියෝගවලට මුහුණ දෙන්න ලෑස්ති වෙලාම තමයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කීවේය.

Exit mobile version